Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පහුරැ නිර්මාණය කිරීමේ වඩාත් ආරක්ෂිත ක්‍රමය මෙහි දැක්වෙයි. ඒ සඳහා සිදුරැ නැති බැරල් හතරක් හෝ හයක් අවශ්‍ය වෙයි. ඒවා ශක්තිමත් ප්ලාස්ටික්වලින් නිපද වූ බැරල් විය යුතුය. බැරලය ඇතුළට ජලය නොයන ලෙස මනා සේ දෙපස පියන් වසා මුද්‍රා තැබිය යුතුය.
පහුරේ සැකිල්ල නිර්මාණය කරමු
බැරල් පහුරේ සැකිල්ල නිර්මාණය කිරීමට උණගස් භාවිත කළ යුතුය. උණගස් වෙනුවට ශක්තිමත් ලී දඬු වුවද ප්‍රයෝජනයට ගත හැක. මෙහි දැක්වෙන රෑපයේ බැරල් ස්ථානගත කළ යුතු ක්‍රම තුනක් පෙන්වා දී ඇත. ඒ අනුව ඔබට කැමති ඕනෑම ක්‍රමයක් භාවිත කළ හැක. උණගස් එකින් එක සම්බන්ධ කළ විට අවසන නිමාව රෑපයේ පරිදි විය යුතුය. භාණ්ඩ මගීන් වැඩි ගණනක් පහුරින් ප්‍රවාහනය කරන්නේ නම් බැරල් හයකින් සමන්විත විශාල පහුර තැනිය යුතුය.
බැරල් බැම්ම යොදන්නේ මෙහෙමයි
උණගස් ආකෘතිය බැරල් මත තබා ක්‍රමවත්ව ගැට ගැසිය යුතුය. ඒ සඳහා &බැරල් බැම්ම*යෙදිය යුතුය. බැරල් බැම්ම යොදන නිවැරදි ක්‍රමය මෙහි දක්වා ඇත. ගැට ගැසීමේදී කෘත්‍රිම ලණු භාවිත නොකර තේඩා ලණු භාවිත කළ හැකි නම් බැම්ම වඩාත් ශක්තිමත්ව යෙදිය හැකි වනු ඇත.
පහුරැ පැදීමේ දී සැලකිලිමත් වන්න
රෑප සටහනේ &P* ලකුණින් පෙන්වා ඇති ආකාරයට පහුරැ නිර්මාණය කළ යුතුය. 
රෑප සටහනේ &O* ලකුණ යොදා ඇති ආකාරයට පහුර නිර්මාණය නොකළ යුතුය.
හිස් අවකාශය මත උණගස් තබා බැඳීමෙන් පහුරට ශක්තියක් ලැබෙයි. එමෙන්ම එහි භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ හැකි වෙයි.
පහුර පැදීමට ඔබ ස්ථානගත විය යුත්තේ බැරලය මතය.
ජීවිතාරක්ෂක ගැටය යෙදූ ඉණ ලණුවකින් පහුර මත ඔබ ගැට ගසා තිබිය යුතුය.
පහුර මතින් යාත්‍රා කරන සියලුම බාලදක්ෂයින් &ජීවිතාරක්ෂක කබා* පැලඳ සිටිය යුතුය.
පහුරේ සමබරතාව නිරන්තරයෙන් ආරක්ෂා කළ යුතුය. එය අධීක්ෂණයට බාලදක්ෂයකු පත්කළ යුතුය.
කිමිදීම, පිහිනීම, දියමත පාවීම සහ පිහිනුම් ශූරයා ප්‍රවීණතා පදක්කම දිනාගත් බාලදක්ෂයින් පමණක් මෙම ක්‍රියාකාරකමෙහි නිරත විය යුතුය.
බාලදක්ෂ ආචාර්යවරයාගේ අනුමැතිය සහ අවසරය මත මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.
බැරලය ඇතුළට ජලය නොයන සේ මනා ලෙස දෙපස පියන් වසා මුද්‍රා තැබිය යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.