Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එල්ලෙන ඉණිමං ගැටය

  • 2018-05-11 22:21:16
  • 0 Comments

විජය බාලදක්ෂ කඳවුර පාඨක ඔබට ප්‍රයෝජනවත් අලුත් ගැට විවිධ අවස්ථාවල දී හඳුන්වා දී ඇත. එල්ලෙන ඉණිමං ගැටය ද එවැන්නකි. ගසක තැනූ මුර අට්ටාලයකට ගොඩ වීමට ලණුවකින් ඉණිමගක් සෑදිය යුතුය. එවැනි ඉණිමගක් ගස මුදුනේ එල්ලීමට මෙම ගැටය ප්‍රයෝජනයට ගත හැකිය. කඹය නොකපා ප්‍රයෝජනයට ගනිමින් ලණු ඉණිමගක් සාදා නැමුම සහිත ස්ථානයේ දී ඉණිමං ගැටය යොදයි. මෙහි දැක්වෙන පියවර පසු කරමින් රෑප සටහන් අනුගමනය කිරිමෙන් ඉතා ඉක්මනින් ගැටය යොදන ආකාරය ඉගෙනගත හැකිය.
සැ:යු:
තුන්වැනි රෑපයේ දැක්වෙන අඩි දෙකකින් යුතු ලී දඬු කැබැල්ල සඳහා හොඳින් මේරෑ කුරැඳු, කෝපි, පේර හෝ රැක්අත්තන අතු කැබැල්ලක් සොයා ගත යුතුය. 
දිගින් වැඩි ලණුවක් නොකපාම එල්ලෙන ඉණිමගක් සාදා ගත හැකිය. ලණුවේ හරි මැදින් දෙකට නමා සමාන දුරකින් ශක්තිමත් ලී කැබලි ගැට ගැසිය යුතුය. ඒ සඳහා සුදුසු ගැටයක් මෙහි දක්වා ඇත. ලී කැබැල්ල ගැට ගසන ස්ථානය තීරණය කර ලණුව මත නිර්මාණය කරන නැමුම සහිත පුඩුව ලීය මත එතීමෙන් ගැටය හොඳින් තද වෙයි. ඒ අයුරින් සෑම ස්ථානයක්ම හොඳින් ගැට ගැසීමෙන් පසු ලණු ඉනිමග ප්‍රයෝජනයට ගත හැක.
ඔබේ අවධානයට :
ලණු ඉණිමගේ අනවශ්‍ය සෙලවීම වළක්වා ලීම සඳහා පොළොවේ ගිල්වූ කූඤ්ඤයක ලණුවේ ක්‍රියාකාරී අන්ත ගැටගැසිය හැක. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.