එළිමහන් කඳවුරට අත්‍යවශ්‍ය කාලීන උපකරණ
- 2018-02-12 14:26:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළඹෙන නිවාඩු කාලයේ ඉදිකරන බාලදක්ෂ කඳවුරු බිම්වල කඳවුරකට අත්‍යවශ්‍ය &කාලීන උපකරණ ස්ථාපිත කිරීම* පිළිබඳව බාලදක්ෂ ඔබ දැනුම්වත් විය යුතුමය. එබැවින් පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
දර මැස්සක් ඉදිකිරීම
එළිමහන් බාලදක්ෂ කඳවුරක තිබිය යුතුම දේවල් අතර &දර මැස්ස* ප්‍රධාන තැනක් ගනියි. ඔබ කඳවුරැ බැඳි භූමියෙන් අහුලා ගන්නා විශාල, මධ්‍යම සහ කුඩා ප්‍රමාණවල දර, දර මැස්සෙහි සංචිත කළ යුත්තේ මෙහි දැක්වෙන ආකාරයටයි. වියළි දර පින්නෙන් සහ වර්ෂාවෙන් ආරක්ෂා කරගැනීමට පියස්සක් ඉදි කිරීමට බාලදක්ෂයින් කටයුතු කළ යුතුය.
රෙදි වියළා ගැනීමට මැසි
කාණ්ඩ කඳවුරක හෝ කණ්ඩායම් කඳවුරක දිවිගෙවන බාලදක්ෂයින්ගේ ඇඳුම් පැලඳුම් අපවිත්‍ර වීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතුය. එහෙත් එය කඳවුරේ &පිරිසුදු භාවයට* හානියක් නොවිය යුතුය. එම නිසා කඳවුරැ බැඳි බාලදක්ෂයින් සෑම දිනකම සන්ධ්‍යා කාලයේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමු කළ යුතුය. තමන්ගේ කිලිටි ඇදුම් සෝදා පිරිසුදු කර කඳවුරේ රෙදි වියළා ගැනීමට ඉදි කළ මැස්සේ දමා වියළා ගත යුතුය.
සැ. යු. - එදිනෙදා නිවසේ දී ප්‍රයෝජනයට ගන්නා &රෙදි වැලක්* කඳවුරේ ඉදිකිරීමට උත්සාහ නොගෙන එය, කාලීන උපකරණයක් ලෙස නිර්මාණය කිරීමට බාලදක්ෂයින් උත්සාහ කළ යුතුය.
කඳවුරු දොරටුවක් ඉදිකිරීම
එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස &කඳවුරැ දොරටුව* හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය.
කඳවුරේ කෑම මේසය
එළිමහන් බාලදක්ෂ කඳවුරක &කෑම මේසයක්* අනිවාර්යයෙන් ඉදිකළ යුතුය. බාලදක්ෂයින් සකස් කරගත් ආහාරපාන, ප්‍රසන්නව, හුරැබුහුටිව ආහාරයට ගන්නා ආකාරය බාලදක්ෂ ආචාර්යවරයා කියා දෙන්නේ එළිමහන් කෑම මේසයේ දීය.
කඳවුරේ මුළුතැන්ගෙය
වර්ෂාවෙන් ආරක්ෂා විය හැකි පියස්සක් ඇතිව මුළුතැන් ගෙයක් ඉදිකළ හැකි නම් වඩාත් සුදුසුය. එහෙත් එය අපහසු අවස්ථාවක තම තමන්ගේ ආහාර පාන සකස් කරගැනීමට, භාජන එල්ලීමට සුදුසු රාක්කයක් බාලදක්ෂයන් විසින් නිර්මාණය කළ යුතුය. ඔබ ඉගෙන ගත් &ලිප් සහ උදුන්* එම මුළුතැන්ගෙහි නිර්මාණය කර ඒවා අත්හදා බැලිය හැකි ය.
මුර අට්ටාලයක් ඉදිකිරීම
එළිමහන් කඳවුරක ආරක්ෂාව තහවුරැ කිරීමට &මුර අට්ටාලයක්* ඉදිකෙරේ. එය දිසා කඳවුරක දී මෙන්ම වනාන්තරයක එළිමහනේ කඳවුරැ බදින විටකදී ද නිර්මාණශිලීව ප්‍රයෝජනයට ගත හැක. වනගත ගවේෂණයක දී කූඩාරමේ ජීවත්වීම අනාරක්ෂිත වූ විටක මුර අට්ටාලයේ රාත්‍රිය ගතකිරීම වඩාත් ආරක්ෂාකාරී විය හැකි ය. එමෙන්ම &සේවා මුරයක්*ක්‍රියාත්මක කිරීමෙන් බාලදක්ෂයින් හට මුර අට්ටාලයේ ගත කරන හෝරා කිහිපයේ දී, නව ජීවිත අත්දැකීමක් ලැබිය හැකිය.
පුරෝගාමී දැනුම ප්‍රදර්ශනය කරන ක්‍රියාකාරකමක් නිර්මාණය කිරීම
සාර්ථක බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ සතුටින් සිටිති. එවැනි අවස්ථාවක් සලසා දීමට බාලදක්ෂ ආචාර්යවරයා මග පෙන්විය යුතුය. &බාලදක්ෂ පුරෝගාමී දැනුම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශනාත්මක කාලීන උපකරණයක් නිර්මාණය කළ හැකි ය. මෙහි දැක්වෙන්නේ එවැනි කඳවුරක ඉදි කළ &අතුර කි.*
Reply To:
Name - Reply Comment
0 Comments