Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

විදුලියෙන් ක්‍රියා කරන බුරැමයට පෙර වඩුකාර්මිකයන් විසින් පරිහරණය වුණු ප්‍රයෝජනයට ගත් අත් බුරුමය දුනුදිය යනුවෙන්ද හැඳින්විණ. මෙහි දැක්වෙන අයුරින් දුනුදිය සරලව නිර්මාණය කර ගත හැකිය. මෙම සරල ඇටවුමෙන් ලීයක සිදුරක් විදීමටත් ගිනි පුපුරු නිපදවා ගැනීමටත් පුළුවන.

කර කැවෙන දණ්ඩ නොනවත්වා ක්‍රියාකරවීමෙන් දණ්ඩ කෙළවර ලී පෘෂ්ඨය අධික ලෙස රත් වෙයි. උෂ්ණත්වය ඉහළ ගිය වහාම ගිනිපුපුරු හටගැනීම ඇරඹෙයි. ගිනි පුපුරු ගිනි දලු දක්වා වර්ධනය කර ගැනීමට බාලදක්ෂයා උපායශීලී විය යුතු ය. වියළි පුලුන් ස්වල්පයක් ඒ සඳහා භාවිත කිරීමෙන් ගින්න ඉක්මනින් පතුරුවා ගත හැකිය.

දුනුදිය වර්ග හඳුනා ගැනීම.

බුරුමය ලෙස ක්‍රියා කරන දණ්ඩ සිරස් අතට මෙන් ම තිරස් අතට ද සවිකළ හැකිය. ඒ සඳහා මෙහි දැක්වෙන ක්‍රම තුන ම බාලදක්ෂයින් හට අත්හදා බැලීමට පුළුවන.

සැ: යු: රබර් මිශ්‍ර ඇදෙන සුලු ලනු භාවිත කිරීමෙන් වඩාත් කාර්යක්ෂම ලෙස, බුරුමය ක්‍රියාත්මක කළ හැකි ය.

බාලදක්ෂ කාණ්ඩයක පර්යේෂණ අභ්‍යාස ලෙස මෙවැනි ක්‍රියාකාරකම් බාලදක්ෂයා වෙත පැවරීමෙන් ඔහුට විනෝදය මෙන් ම දැනුම ද ලබා දිය හැකි වෙයි.

කූඤ්ඤයක් සවි කිරීම

ඔබේ නිවසේ තිබෙන පොරවට හෝ උදැල්ලට වුව ද මේ ආකාරයේ කූඤ්ඤයක් සවි කිරීමට උත්සාහ කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ, ඔබ වෙනදා සවි කළ කූඤ්ඤයට වඩා වෙනත් ම ක්‍රමවේදයක් භාවිත කිරීම ය. පහත රූප සටහන නිරීක්ෂණය කිරීමෙන් අනතුරැව පියවරෙන් පියවර කූඤ්ඤය සවි කළ යුතු ය. බාලදක්ෂ අත් පොරව, බාලදක්ෂ පිහිය බාලදක්ෂ බණ්ඩි කියත ආදියෙහි මිට  හානි වූ විට මේ ආකාරයට කූඤ්ඤයක් සවි කර අලුතින් තලය හා සම්බන්ධ කර ගත හැකි වෙයි.

කූඤ්ඤය සවි කිරීමට පහත පියවර අනුගමනය කරන්න.

  1. කූඤ්ඤය සවි කරන ස්ථානයේ ගැඹුරු කැපුමක් යොදන්න.
  2. සකස් කරගත් මිට තලයේ ඇස තුළ රඳවන්න.
  3. රූප සටහනේ පරිදි ලී ඇණ දෙකක් සකස් කර කූඤ්ඤය සවි කරන විවරය තුළට ගිල්ලවන්න. (ලී ඇණ සකස් කිරීමට පුවක් ලී පටියක් ප්‍රයෝජනයට ගන්න.)
  4. ශක්තිමත්ව ඇලවෙන ගම් වර්ගයකින් (ඇරල් ඩයිට්) ලී මිට සහ කූඤ්ඤය සවි වන විවරය පුරවන්න.
  5. දින දෙකකට පසුව ලී මිටෙන්  හා කූඤ්ඤයෙන් ඉවතට පැමිණ ඇති ගම් සහ ලී ඇණවල කොටස් කපා ඉවත් කරන්න.
  6. මේ අයුරින් පොරව තලයකට හෝ උදැල්ලකට සවි කරන කූඤ්ඤයක් දිගු කලක් ප්‍රයෝජනයට ගත හැකි වෙයි.

ඇමරිකාවට සන්නිවේදන මෙහෙයුම අරඹයි

ලෝක බාලදක්ෂ මූලස්ථානය හඳුන්වා දුන් 2023 ලෝක බාලදක්ෂ ඉදිරි වැඩ සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා ලෝකයේ සෑම රටක් ම කෙටුම්පත් සැකසිය යුතු ය. අන්තර් ඇමරිකානු බාලදක්ෂ කලාපය සහ ඇමරිකාව තම ඉලක්ක ජය ගැනීමේ දී ජනමාධ්‍ය යොදා ගන්නා ආකාරය පසුගිය දා අනාවරණය කළේ ය. එම සැලැස්ම ශ්‍රී ලාංකික බාලදක්ෂයින් ඇතුළු සෙසු රටවල බාලදක්ෂ බාලදක්ෂිකාවන් හට ද වැදගත් බව කිව යුතු ය. ඔවුන් පෙන්වා දෙන්නේ, අකලට වැටෙන වැස්ස මෙන් ජනමාධ්‍ය සඳහා ප්‍රවෘත්ති වාර්තා කිරීම නිෂ්ඵල බවයි. ඒ සඳහා නිශ්චිත සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් තිබිය යුතු බවයි.

එහි දී,

  • නිර්මාණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය.
  • නිර්මාණශීලී සන්නිවේදනයේ වටිනාකම.
  • බාලදක්ෂ ව්‍යාපාරයේ කීර්ති නාමය දියුණු කිරීම.
  • බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව සමාජය තුළ ඇති චිත්‍රය හඳුනා ගැනීමට පර්යේෂණ දියත් කිරීම.
  • නව ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ආදිය හඳුනාගෙන ඇත. මේ සඳහා සමස්ත ඇමරිකාවේ තිබෙන රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, සඟරා, දුරකථනජාල, ජංගම දුරකථන, චන්ද්‍රිකා පණිවිඩ හුවමාරුව, පරිගණකය හා සමාජජාල, ලිපි තැපෑල ඇතුළු ඡායාරූප තුළින් ඇමරිකානු බාලදක්ෂයාගේ ප්‍රවෘත්ති සමාජය තුළ සංසරණය වීමට, ඉඩ හරිනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.