Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කඳවුරු කරත්තය එළිමහන් බාලදක්ෂ කඳවුරක දී ආරක්ෂාකාරීව භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදාගත හැකි උපකරණයකි. මෙහි දැක්වෙන ඡායාරෑපය තරමක් පැරණි වුවද එහි අලුත් අදහසක් ඇත. 
එය වත්මන් බාලදක්ෂයන් හට ඉගෙනගත හැකි පාඩමකි. එබැවින් ඔබ සහභාගී වන එළිමහන් බාලදක්ෂ කඳවුරක් සඳහා අත් කරත්තයක් සූදානම් කරගන්නා අන්දම මෙහි දක්වා ඇත.


අත් කරත්තයක් හදාගනිමු
මිනිසා තම ප්‍රයෝජනය පිණිස නිර්මාණය කළ අත් කරත්තයේ ඉතිහාසය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා දිව යයි. මෙහි දැක්වෙන අත් කරත්තය එකල නිර්මාණය කරන ලද්දකි. එය වර්තමානයේ දී නවදිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
බාලදක්ෂ ඔබ සකස් කරන අත් කරත්තයට එක් රෝදයක් හෝ තිබිය යුතුය. වැඩිම රෝද ගණන හතරකි. 
නිර්මාණය කළ හැකි කරත්ත වර්ග කිහිපයක් ඇත. 
එනම් -
• තනි රෝදයේ තල්ලු කරන කරත්තය.
• රෝද දෙකේ තල්ලු කරන කරත්තය.
• රෝද දෙකේ ඇදගෙන යන කරත්තය.
• රෝද යෙදූ යකඩ කරත්ත.
    තනි රෝදයේ තල්ලු කරන කරත්තය නිවසේ ප්‍රයෝජනයට ගන්නා විල්බැරෝවට සමානය. වර්තමානයේ යකඩින් නිර්මාණය කළද එකල තනි රෝදේ තල්ලු කරන කරත්ත ලීයෙන් කරන ලද්දේය. එවැනි ලී කරත්තයක් මෙහි දක්වා ඇත.
ප්‍රවාහනය කිරීමට ඇති භාණ්ඩ ප්‍රමාණය වැඩි නම් ඒ සඳහා රෝද දෙකේ තල්ලු කරන කරත්තයක් යොදා ගත හැකිය. එසේත් නැත්නම් රෝද දෙකේ ඇදගෙන යන කරත්තයක් භාවිත කළ යුතුය. 
මිනිසුන් කිහිප දෙනෙකු යොදවා කරත්තය ප්‍රයෝජනයට ගත හැකිය. මිනිස් ශ්‍රමය අඩු වූ විට ඒ සඳහා සතකු යොදා ගත හැකිය. එසේ ප්‍රයෝජනයට ගන්නා කරත්තය ඇදගෙන යන්නේ ගවයා ය.
කොටස් වශයෙන් එකලස් කළ හැකි වන අයුරින් අත් කරත්තය සැලසුම් කරන්න.
එළිමහන් කඳවුරු පවත්වන ස්ථානය වෙත කඳවුරැ කරත්තය කොටස් වශයෙන් රුගෙන ගොස් එතැන දී එකලස් කළ යුතුය. රෝද සවිවන ප්‍රධාන ලීවරය සඳහා යකඩ දණ්ඩක් යොදා ගත හැකි නම් කරත්තයේ ශක්තිමත් භාවය ඉහළ යයි. ලී රෝද වටේ රබර් පට්ටම් යෙදිය හැකි නම් ඒවා දිගු කාලයක් වඩාත් කාර්යක්ෂම ලෙස භාවිතයට ගත හැකි ය.


භාවිත කළ හැකි කරත්ත ආකෘති
ඔබ මෙහි දැක්වෙන රෑප රාමු අනුගමනය කරමින් කරත්ත නිර්මාණය කළ යුතුය. හේතුව ඒවා පර්යේෂණ කොට අත්හදා බැලූ කරත්ත ආකෘති බැවිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.