කඳවුරේ දොරටුව ගැනයි
- 2019-04-04 19:41:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොරටුවක් යනු එක් අවකාශයකින් තවත් අවකාශයකට යෑම සඳහා නිර්මාණය කළ අංගයකි. මෙය ඉතා සරල මට්ටමේ විවෘත තලයක සිට කුලුනු සහිත වූත් විවිධ හැඩතල ඔස්සේ ඉදිරියට නෙරමින් හා පරිමාණයන් වෙනස් කරමින් කරන ලද ඉතා සංකීර්ණ අවකාශයක් දක්වා විකාශනය කළ හැක.
ලෝකයේ සුවිශේෂීම දොරටු නිර්මාණය වී තිබෙන්නේ කිසියම් අධිරාජ්‍යයකට හෝ බලකොටුවකට ඇති ප්‍රධාන පිවිසුමෙහිය. ඒවා සෙසු ගෘහ නිර්මාණ ලක්ෂණයන් අතර සුවිශේෂි නිර්මාණ වෙයි.
මේවා සෑම විටම පරිසරය, අවකාශයේ ගම්භීරත්වය, අලංකාරය පමණක්ම නොව අභිවෘද්ධිය, සශ්‍රීකත්වය හා විජයග්‍රහණයද ඉස්මතු කරයි. එම නිසා බාලදක්ෂ ඔබගේ කදවුරට, ප්‍රධාන පිවිසුම් දොරටුවක් නිර්මාණය කිරීමට සැලසුම් කිරීමේදී බොහෝ දේ පිළිබඳව සිතා බැලිය යුතුය. ඔබගේ ප්‍රදේශය හෝ දිසා බලාදක්ෂ සංගමයේ අනන්‍යතාව හා බැඳුණු ප්‍රධාන පිවිසුම් දොරටු හැඩ තල හා ලක්ෂණ ඔබටම ආවේණික විය යුතුය.
එය යථාර්ථයක් වූ දිනක ජාතික බාලදක්ෂ ජම්බෝරියකදී ශ්‍රී ලංකාවේ ඇති බලාදක්ෂ දිස්ත්‍රික්ක තිස් හතෙන් ලක්ෂණ ප්‍රකට කෙරෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments