Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙහි දැක්වෙන්නේ ක්ෂණිකව ඉදිකළ කූඩාරමක්ය. එමෙන්ම අවටින් සොයා ගත් දර කොටන් තුනක් ප්‍රයෝජනයට ගනිමින් ක්ෂණික ගිනිමැලයක් සකසා ගන්නා ආකාරය ප්‍රායෝගිකය. එළිමහනේ ගවේෂණයකට සහභාගි වන ඔබ මෙවැනි ක්ෂණික කූඩාරමක් සහ ක්ෂණික ගිනිමැලයක් සකසා ගන්නා ආකාරය ගැන දැනුම්වත් වී සිටීමෙන් රාත්‍රිය සතුටින් ගෙවීමට පුළුවන.

ක්ෂණික කූඩාරම් පියස්සක් ඉදිකිරීම
මෙම කූඩාරම ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තය. පියස්ස මතට වැටෙන දිය බිඳුවලට දෙපසින් ගලායන්නට හැකිවන සේ පියසි රෙද්දේ මුදුන ගසක අත්තක බැඳිය යුතුය. ගසක අත්තක වෙනුවට රෑපයේ දැක්වෙන ආකාරයේ කවාකාර උණ බටයක ආධාරක පෘෂ්ඨයක් මත වුවද රුඳවිය හැකිය.
ක්ෂණික ගිනිමැලයක් සකස් කරගැනීම
විශාල දර කොටන් කිහිපයක් රෑපයේ පෙනෙන අයුරින් සිටුවා එහි මැදට සිහින් දර පතුරැ රිංගවිය යුතුය. ගිනිමැලය අවුළුවන විට සිහින් දර පතුරැ ප්‍රථමයෙන් දැල්විය යුතුය. විශාල දර කොටන් වෙන් කිරීම අපහසු නම් ඒවා එකිනෙක ළංවන සේ තබා වුවද ගිනිමැලය දැල්විය හැකිය.
ක්ෂණිකව 
කඳවුරැ දොරටුවක් ඉදිකිරීම
අසල්වැසි දිසා සංගමයක දිසා කඳවුරකට ආරාධිත බාලදක්ෂ කණ්ඩායම් ලෙස සහභාගි වූ අවස්ථාවක දී හෝ විදේශ බාලදක්ෂ කඳවුරකට සහභාගී වූ විටක දී හෝ ඔබගේ කඳවුරැ බිම අලංකාර කිරීමට මෙම කඳවුරැ දොරටු ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම රෑප සටහනේ ප්‍රධාන ආකෘති හතරක් දක්වා ඇත. ඒවායේ ඇති සරල බව නිසාම ඉදිකිරීම පහසු වෙයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය වන ලී දඬු ප්‍රමාණය අඩුය. වර්ණවත් කාණ්ඩ කොඩි සහ &සමූහ නාමය* ලියා එල්ලා තැබීමෙන් කඳවුරැ ‍දොරටුවට ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැක.
සැලකිලිමත් විය යුතු කරැණු
• සකස් කරන නිර්මාණය කඩදාසියක පරිමාණයට ඇඳීම.
නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන කඳවුරැ දොරටුවේ රේඛීය සටහනක් රෑපයේ දැක්වෙන ක්‍රමය අනුගමනය කරමින් චිත්‍රයට නැගිය යුතුය. පරිමාණයකට කුඩා කර ඇඳීමෙන් &කඳවුරැ දොරටුව* සඳහා අවශ්‍ය ලී ලැයිස්තුව, ඒවායේ දිග සහ අවශ්‍ය ලණු කැරලි ප්‍රමාණය තීරණය කළ හැකි වෙයි.
• බාලදක්ෂ ක්‍රමයට අනුකූල විය යුතුය.
කඳවුරැ දොරටුවම නිර්මාණය කළ පසු බාලදක්ෂ ශිල්පීය ක්‍රම එහි අන්තර්ගත වී තිබිය යුතුය. ගැට හා බැමි නිවැරදිව යෙදිය යුතුය. 
• සරල හැඩතල භාවිත කිරීම.
ආකෘතිය සරල විය යුතුය. එවිට කඳවුරැ දොරටුව වඩාත් අලංකාරව දිස්වෙයි. ආකෘතියට යොදා ගන්නා ලී දඬු රිද්මයානුකූල හැඩයකින් දොරටුව මත තබා බැඳීමෙන් ආකෘතියේ ශක්තිමත්භාවය රුකෙනු ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.