Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමරිකාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියේදී වත්මන් බාලදක්ෂයින් වෙත නව සංකල්ප රුසක් හඳුන්වා දීමට නියමිතය. හඳුන්වා දීමට අපේක්ෂිත ආකර්ෂණීය අංග අතර ටාටන් රෙදි කඳවුරැ විලාසිතා ප්‍රමුඛ වෙයි. බාලදක්ෂයින් හට උරැම වූ ටාටන් රෙදි රටාව ඇසුරින් නිර්මාණය කළ විලාසිතා රුසක් මේ වනවිට බාලදක්ෂයින් අතර ජනප්‍රිය වී ඇත. 
අත්පිස්නා, හිස්වැසුම්, සර්වාල, ගෙල බඳිනා කරලේන්සු, ටයිපටි, බ්ලැන්කට්, බෝ, කාසි මලු, විවිධ පසුම්බි ඒ අතර වෙයි. මෙහි දැක්වෙන්නේ ලෝක ජම්බෝරියේ දී හඳුන්වා දීමට අපේක්ෂිත මිත්‍රත්වයේ ටාටන් රෙදි විලාසිතා ය.

බාලදක්ෂයා සහ ටාටන් රෙද්ද
බාලදක්ෂ ව්‍යාපාරයට ටාටන් රෙදි මෝස්තරය ලැබුණේ හැටේ දශකයේ දීය. ඒ සඳහා හේතු වූ පසුබිම් කතාවක් ඇත. එය අදින් වසර සියයක් දක්වා ඈතට දිව යයි. 
මැක්ලැරන්ගේ ටාටන් රෙදි කැබැල්ල
වර්තමානයේ මෙන්ම එකල වංශාධිපති රදල ධනවත්තු ද ජීවත් වූහ. ස්කොට්ලන්ත ජාතික විලියම් ද, බෝයිස් මැක්ලැරන් මහතා ද එවැන්නෙකි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් මහතාගේ ගජ මිතුරෙකු වූ බෝයිස් මැක්ලැරන් මැතිතුමා ලෝක බාලදක්ෂ ඉතිහාසයේ  ස්වර්ණමය සලකුණක් ඉතිරි කළේ 1919 වසරේ දීය. 
එනම් ලොව ප්‍රකට ගිල්බෙල් උද්‍යානය බාලදක්ෂයින් වෙත පරිත්‍යාග කිරීමය. ඒ සඳහා සියලු බරපැන දැරීමට එතුමා ඉදිරිපත් විය. ගොඩනැගිලි පිළිසකර කර කඳවුරැ පැවැත්වීමට සුදුසු පරිසරයක් ලෝක බාලදක්ෂයින් වෙත ලැබුණේ ඉන් පසුවයි.

ලොව ප්‍රථම ලී පදක්කම් පාඨමාලාව පැවැත්වෙයි
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් මහතාගේ මිතුරෙකු වූ ෆ්‍රැන්සිස් ස්කයිපර් ගිඩ්නි මහතාගේ සංවිධායකත්වයෙන් ලොව ප්‍රථම බාලදක්ෂ ලී පදක්කම් පාඨමාලාව පැවැත්විය. එංගලන්තයේ ගිල්බෙල් උද්‍යානයේ පැවැත්වූ එම පාඨමාලාවේ දී අපූරැ සිදුවීමක් වාර්තා විය.
ටාටන් රෙදි කැබැල්ල නායකයින් අතර බෙදා දෙයි
බාලදක්ෂ ගුරැවරැ පුහුණු කිරීමේ ප්‍රථම පාඨමාලාව සිහිපත් කරමින් එම පාඨමාලාවට සහභාගි වූ සෑම දෙනාටම වංශාධිපති බෝයිස් මැක්ලැරන් මැතිතුමාට හිමිව තිබූ ඔහුටම පමණක් අනන්‍ය වූ ටාටන් රෙදි මෝස්තරයෙන් කොටසක් පිරිනමන ලදී.
වංශාධිපති බෝයිස් මැක්ලැරන් මහතාගේ පූර්ණ අවසරය මත ඔහුට හිමි ටාටන් රෙදි කඩ කොටස් කර නායකයින් අතර බෙදා දෙන ලද්දේ ගිල්බෙල් උද්‍යානය බාලදක්ෂයින් වෙත ලබා දීමේ ඓතිහාසික සිදුවීම සිහිපත් කරමින්ය.

ටාටන් රෙදි කඩ කර ලේන්සුවට එල්ලීම
තමන් වෙත ලැබුණු ගිනි පෙට්ටියක් තරම් වූ ටාටන් රෙදි කැබලි බාලදක්ෂ ගුරැවරැ තමන්ගේ කර ලේන්සුවට තබා එලලා ගත්තෝය. එදා සිට නොකඩවා බාලදක්ෂ ගුරැවරැ වෙත පිරිනමන ගිල්බෙල් කර ලේන්සුවේ පිටුපස ටාටන් රෙදි කඩක් එලලා ඇත්තේ මුල් කාලයේ වූ ඓතිහාසික සිදුවීම සිහිපත් කිරීම උදෙසාය.
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.