ජීවිතාරක්ෂක මෙවලම් මල්ලක් සූදානම් කර තබන්න
- 2017-09-26 21:33:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්තමාන ලෝකයේ ස්වාභාවික විපත් බහුල වී ඇත. ශ්‍රී ලංකාවේ ද දින දෙක තුනක් නොකඩවා වර්ෂාවක් ඇති වූ විට ගංවතුර තත්ත්ව ඇති වෙයි. සෑම ළමයෙක් ම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුමය. එහිදී බාලදක්ෂ නායකයින් තමන්ගේ බාලදක්ෂයින් වෙත සපයන උපදෙසක් ඇත. එය ඔබටත් ප්‍රායෝගිකය. එළිමහන් ගවේෂණයක, පා ගමනක, එළිමහන් කඳවුරක ඔබ නොදන්නා පරිසරයකට යන ඔබගේ ගමන් මල්ලෙහි “ජීවිතාරක්ෂක මෙවලම් මල්ලක්* තිබිය යුතුබවය.
ජීවිතාරක්ෂක මෙවලම් මල්ල “කුඩා වැඩමල්ලක්* ලෙස නිර්මාණය කරගත හැකි ය. එහි තිබිය යුතු අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් ඇත. එම ලැයිස්තුව මෙහි දැක්වෙයි.
1. මාලිමා යන්ත්‍රය
2. බාලදක්ෂ පිහිය
3. ගිනිපෙට්ටිය හෝ ලයිටරය
4. පෞද්ගලික ඖෂධ හා ප්‍රථමාධාර
5. නයිලෝන් නූල් බෝලයක්
6. බිලී කොක්කක්
7. හැඳුනුම්පත, උප්පැන්න සහතිකය හෝ ගුවන් ගමන් බලපත්‍රය.
එළිමහන් ක්‍රියාකාරකමකට සහභාගි වන සැම විටම ගමන් මල්ලේ කුමන හෝ ස්ථානයක “ජීවිතාරක්ෂක මෙවලම් මල්ල* සංචිත කළ යුතුය. එසේ නොවන සෑම අවස්ථාවක දීම ඔබ නිවසේ සිටින අවස්ථාවක ඔබගේ පොත් මේසය අසල එල්ලා තැබිය යුතුය. හදිසි ඕනෑම අවස්ථාවක ඔබ නිවසින් පිටත් වෙද්දි ජීවිතාරක්ෂක මෙවලම් මල්ල රුගෙන යාමට වගබලා ගත යුතුය. මල්ලේ ඇති උපකරණ ඔබගේ අවශ්‍යතාව අනුව ප්‍රයෝජනයට ගැනීමට හැකි වේ.
Reply To:
Name - Reply Comment
0 Comments