Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උදෑසන කාණ්ඩ පරීක්ෂණයට සූදානම් වෙමු !

මෙම කළු සුදු ඡායාරෑපය වසර 41 ක් පැරණිය. උදෑසන කණ්ඩායම් පරීක්ෂණයක් මෙහි දක්වා ඇත. මෙවැනිම කණ්ඩායම් පරීක්ෂණ එදා මෙන්ම අදත් පවත්වන්නේ &කඳවුරැ සනීපාරක්ෂාව* දෛනිකව තහවුරැ කිරීම උදෙසාය. කූඩාරම ඉදිරියේ සිටින බාලදක්ෂයා සතු ගමන් මල්ලේ ඇති කඳවුරැ උපකරණ, ඇඳුම්, සපත්තු, මේස්, යට ඇඳුම් සෝදා පිරිසුදු කොට ක්‍රමානුකූලව ඇතිදැයි පරීක්ෂා කොට බලා කණ්ඩායම් සාමාජිකයන් වෙත දිරිගැන්වීමේ ප්‍රසාද ලකුණු ලබා දෙයි. එකල තත්ත්වය එසේ වුවද වර්තමානය වන විට කාණ්ඩ පරීක්ෂණ &නිල ඇඳුම් පරීක්ෂණයක්* බවට පත්වී ඇත. වත්මන් බාලදක්ෂයින් ඒ සඳහා සභභාගි වන්නේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේ පටු අරමුණින් යුතුවය. එම තත්ත්වය එළිමහන් බාලදක්ෂ කඳවුරකට නුසුදුසුය.
 එබැවින් එළිමහන් බාලදක්ෂ කඳවුරකට සහභාගි වන බාලදක්ෂයින් තමන්ගේ පිරිසිදුභාවය පූර්ණ කාලීනව කඳවුරැ කාලය තුළදී ආරක්ෂා කළ යුතුව ඇත. රාත්‍රිය ගතකරන කූඩාරම පිරිසිදුව පවත්වාගෙන යා යුතුය. අපවිත්‍ර වූ ඇඳුම්, යට ඇඳුම් හොඳින් සෝදා තද අව්වේ වේලාගත යුතුය. එළිමහනේ දිවි ගෙවන ඔබ සෑම දිනකම ස්නානය කොට පිරිසිදු විය යුතුය. මෙම කඳවුරැ පිළිවෙත් නිවැරදිව අනුගමනය කිරීමෙන් කඳවුරැ සනීපාරක්ෂාව වඩාත් තහවුරැ වන බව බාලදක්ෂ ඔබ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුය. එසේ ලබා ගන්නා හොඳ පුරැදු ඔබ එදිනෙදා ජීවිතයට ඈඳා ගත යුතුය. නිවැරදි බාලදක්ෂ ශිල්පය පෞද්ගලික ජීවිතයට ආරෝපණය කර ගැනීමෙන් සැබැවින්ම ඔබගේ මාපියන් ඔබගෙන් බලාපොරොත්තු වන දේ ඉටුවනු ඇත.
                    ජෙරල්ඩ් සර්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.