Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


එළිමහන් කඳවුරක දී නිතර ප්‍රයෝජනයට ගන්නා වූ &බාලදක්ෂ පොරව* නිවැරදිව භාවිත කරන ආකාරය බාලදක්ෂ ඔබ දැන සිටිය යුතුමය. විශේෂයෙන්ම පොරවේ මුවහත සහිත &පොරව තලය* නිවැරදිව දිශාගත කර පහර එල්ල කිරීමෙන් ඉතා ඉක්මනින් කැපුම් සිදුකළ හැකිය. මෙහි දැක්වෙන්නේ පොරව තලය භාවිත කරමින් කැපුම කළ යුතු ප්‍රධාන ආකාර හතරයි.
විශාල කැපුමක් 
ඇති කිරීම
දර ලබා ගැනීමට ප්‍රමාණයෙන් විශාල දර කොටයක් කුට්ටි කරගත යුතුය. කිසිදු අවස්ථාවක කොටයට ලම්බකව පොරව තලය එල්ල නොකළ යුතුය. පොරව තලය අංශක හැටක ආනතික හැඩයකින් හැඩ කර පහර එල්ල කිරීමෙන් දර කොටය ඉක්මනින් වෙන් වෙයි. එහිදී, වම දකුණ පැති මාරැවෙන් මාරැවට පොරව පහරවල් එල්ල කිරීමට පොරව භාවිත කරන බාලදක්ෂයා වගබලා ගත යුතුය.
බිම වැටුණු අතු 
කොටස් කිරීම
දර අතු කොටස් කිරීමේදී අතු කැබලි කොටයක් මත තබා පහර එල්ල කළ යුතුය. කිසිදු හේතුවක් මත පොළව සහ දර කොටය අතර කලාපයට පහර එල්ල කිරීමෙන් වැළකීමට පොරව භාවිත කරන්නා සිය අවධානය යොමු කළ යුතුය.
දර කැබලි කිරීම
කොටස් කර ගත් දර කැබලි කොටයක් මත තබා සිරස් අතට පහර එල්ල කළ යුතුය. එසේ නොකළ විට පොරව තලය බිම වැදී මුවහත මොට වී යයි.
අතුවල ඇති &ගැට* ඉවත් කිරීම
කාලීන උපකරණ සකස් කිරීමේ දී ලී දඬුවල ඇති අනවශ්‍ය කොටස් ඉවත් කෙරේ. එහිදී පොරව භාවිත කරන්නේ නම් &A* අක්ෂරයේ දැක්වෙන පරිදි ලී දණ්ඩ එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් පොරව භාවිත කළ යුතුය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.