Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ ලෝකයට ආකර්ෂණීය පුවතක් එංගලන්තයේ බාලදක්ෂ සංගමය වාර්තා කළේය. එනම් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් මැතිනිය ලන්ඩන් නුවර බාලදක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නියැලීමය. එංගලන්ත රාජකීය පවුල බාලදක්ෂ ව්‍යාපාරය සමග ඇති දීර්ඝ කාලීන සබඳතාව තව තවත් ශක්තිමත් කිරීම මෙම චාරිකාවේ අරමුණ බව ඇය පවසන්නීය. 
නොකඩවා වසර පහක් ඇය එංගන්ත බාලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාකාරී ස්වේච්ඡා සේවිකාවක වශයෙන් ක්‍රියා කළාය. තම වැඩිමහල් පිරිමි දරැවා වන පස් හැවිරිදි ජෝර්ජ් කුමරැට සහ චාලට් කුමරියට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කරමින් සිටින්නීය. ඇය එසේ කරනුයේ හේතු සහිතව බව පවසන්නීය. 
කිලිටි නොවුණ ළමා සිතට කුඩා කාලයේ දීම යහපත් දේ ඇතුළු කළ යුතුයි. මවුපියන්ට ආදරය කිරීම, පරිසරයට ගහකොළට ආදරය කිරීම, වටපිටාවේ ඉන්න මිනිසුන් එක්ක සතුටින් ජීවත්වෙන විදිහ ඉගැන්වීම කළ යුතුයි. ඒ වගේමයි ජීවත් වෙනකොට මුහුණ දෙන්න වෙන අභියෝග. ඒවාට මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් ළමයා තුළ වර්ධනය කළ යුතුයි. මේ හැමදේම දරැවන්ට කියා දෙන්න ඕන එයාලගේම ලෝකෙට ගිහින්. 
ක්‍රීඩාවක නියැලිලා එළිමහන් ක්‍රියාකාරකමකින් ඒ දේවල් ඉතාම සරලව උගන්වන ක්‍රම තිබෙන්නේ බාලදක්ෂ විෂය මාලාව තුළයි. ඒ නිසා මගේ දරැවන් ඉතාම ඉක්මනින් බාලදක්ෂ කණ්ඩායමට ඇතුළු කරන්න තීරණය කළා. මමත් පුංචි කාලේ බාලදක්ෂ ක්‍රියාකාරකම් තුළින් ඉගෙන ගත්තු දේවල් අදත් ප්‍රයෝජනවත්. ඒ දැනුම වත්මන් ලෝකයට ඉතාම ප්‍රශස්තව ගළපන්න පුළුවන්. ඒ තුළින් විශාල සමාජ සේවයක් සිදුකිරීමට අවස්ථාව එළඹෙන බවයි මගේ විශ්වාසය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.