Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂයා හට නිරතුරැව ප්‍රයෝජනවත් වන  උපකරණයකි බාලදක්ෂ පොරව. විවිධ අවස්ථාවල දී බාලදක්ෂ පොරව පිළිබඳව  සඳහන් කළ ද මෙහි දැක්වෙන රෑප සටහන් හා තොරතුරැ විජය බාලදක්ෂ කඳවුරෙහි පළවන්නේ ප්‍රථම වතාවටය. එම නිසා මෙම තොරතුරැ බාලදක්ෂ ලොග් පොතට එකතු කළ හැකි වේවි.

බාලදක්ෂයා හට නිරතුරැව ප්‍රයෝජනවත් වන  උපකරණයකි බාලදක්ෂ පොරව. විවිධ අවස්ථාවල දී බාලදක්ෂ පොරව පිළිබඳව  සඳහන් කළ ද මෙහි දැක්වෙන රෑප සටහන් හා තොරතුරැ විජය බාලදක්ෂ කඳවුරෙහි පළවන්නේ ප්‍රථම වතාවටය. එම නිසා මෙම තොරතුරැ බාලදක්ෂ ලොග් පොතට එකතු කළ හැකි වේවි.

• යැන්කි පොරව තලය
සාමාන්‍ය පොරව තලයට යැන්කි පොරව තලය, ඩයටන්, පොරව තලය කියා ද හඳුන්වයි. තලයේ උරහිස හා හිස ප්‍රදේශය තරමක් මහතින් වැඩිය.
 එම නිසාම පොරව තලයට වැඩි බරක් එකතු වෙයි. බාලදක්ෂයින් හට මෙම පොරව භාවිත කිරීමට අවසර ඇත. 
• මිචිගන් පොරව තලය
පොරව තලයේ හිස දෙපස ඇති වක්‍රාකාර හැඩය %මිචිගන්^ පොරවටම ආවේණික වූවක්ය. එමෙන්ම මහතින් අඩු සිහින් පොරව තලය සැහැල්ලුය.
• හඩ්සන් පොරව තලය
පොරව තලයේ හිස සහ ඇස ප්‍රදේශය සාපේක්ෂව කුඩා වෙයි. පොරව තලයේ විලුඹ ප්‍රදේශයේ ඇති සුවිශේෂී හැඩය නිසා හඩ්සන් පොරව තලය දුටු සැණින් හඳුනාගත හැකිය.
• කනෙක්ට් කට් පොරව තලය
සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුක්තය. පැතලි වු පොරව තලයේ හිස සහිත ප්‍රදේශයත්, සුවිශේෂී කැපුම් තලයත් නිසා තලයට ආකර්ෂණීය පෙනුමක් ලැබී ඇත. 
කනෙක්ට් කටි පොරව තල නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ සමාගම් වීම ද විශේෂත්වයකි.
• ද්විත්ව තල පොරව තලය
මෙම පොරව තලයට හිසක් නැත. ඒ වෙනුවට එම ස්ථානයේ ද ඇත්තේ මුවහත් වු කැපුම් තලයකි. එම නිසාම මෙම පොරව තලයට කැපුම් පෘෂ්ඨ දෙකක් ඇත. එම තල යුගලය මැද පොරව තලයේ ඇස පිහිටා ඇත. මෙම පොරව තලය භාවිත කිරීම අවදානම් සහිතය. එබැවින් මෙම පොරව කිසිදු විටක බාලදක්ෂයින් පරිහරණය නොකළ යුතුය.

 

 

පොරව තලය සහ මිට
පොරව තලය මිට සමග නිවැරදිව සම්බන්ධ කළ විට එහි කෝණය අංශක 85 ක් විය යුතුය. එහෙත් කිසිදු විටක පොරව තලය අනවශ්‍ය ලෙස ඉදිරියට හෝ පසුපසට හැරී නොතිබිය යුතුය.
 එසේ වූ විට පොරවෙන් වැඩ කිරීම අවදානම් සහිතය. නොසිතන මොහොතක පොරව තලය මිටෙන් වෙන්වී විසි විය හැකිය. 

පොරවේ මිටෙහි දිග
පොරව තලයට භාවිත කළ යුතු මිට පොරව තලයට සාපේක්ෂව දිගින් වැඩිවිය යුතුය. කුඩා ප්‍රමාණයේ පොරව තලයකට සවිකරන මිටක උපරිම දිග අඟල් දහ තුන හමාරක් විය යුතුය. 
මධ්‍යම ප්‍රමාණයේ තලයක පොරව මිටක උපරිම දිග අගල් විසි අටක් විය යුතුය. මහතින් වැඩි විශාල කැපුමක් යෙදිය හැකි විශාල පොරව තලයකට සවි කරන මිටක උපරිම දිග අඟල් තිස් හතරක් විය යුතුය.
පොරවේ මිට සහ පාදය
පොරව තලයට සවි කරන ස්ථානයට විරැද්ධ පැත්තේ කෙළවර පොරවේ මිටෙහි පාදය ලෙස හඳුන්වයි. එය Fawn Foot Knob ලෙස ව්‍යවහාර කරයි. 
පොරව තලයට මිටක් සවි කළ විට පාදය දිස්විය යුත්තේ රෑපයේ දැක්වෙන ආකාරයටයි. එහි ඇති සුවිශේෂී හැඩය සහිත ස්ථානයට මිටියකින් තට්ටු කළ හැකි විය යුතුයි. එම සුවිශේෂී කැපුම් පෘෂ්ඨය බාලදක්ෂ පොරවක අනිවාර්ය අංගයක් විය යුතුය.

මිට සවි කිරීම
පොරවක මිට කැඩී ගිය විටක එයට අලුත් මිටක් ආදේශ කළ යුතු වෙයි. කැඩී ගිය කොටස පොරව තලයේ ඇසෙහි රුඳී ඇත්නම් එය ඉවත් කළ යුතුය. එසේ කිරීම අපහසු  නම් පොරව තලය පොළවේ ගිල්වා පොරව තලයේ ඇස සහිත ස්ථානයට ගින්දර දැමිය යුතුය. 
කැඩුණු මිට සහිත කොටස අඟුරැ වු පසු එම ස්ථානයට ජලය හෝ ලිහිසි තෙල් වර්ගයක් වත්කළ යුතුය. එසේ කිරීමෙන් පොරව තලයේ දුර්වල වූ පන්නරය යාවත් කාලීන වී අලුත් වෙයි. පණ පෙවූ පොරව තලයට ඉන් පසු නව මිට සවි කළ යුතුය.
එක් කූඤ්ඤයක් හෝ කූඤ්ඤ කැබලි දෙකක් ප්‍රයෝජනයට ගෙන පොරව තලයේ ඇති ඇස තුළ සිරකළ මිට ස්ථාවර කළ යුතුය. ඒ සඳහා රෑප සටහනේ දැක්වෙන පියවර අනුගමනය කළ කළ යුතුය‍.

 
සැ: යු
පොරව තලය ආනතිකව ස්ථාවර කොට ඉන් අනතුරැව මුවහත තැබීම ආරම්භ කළ යුතුය. 
මුවහත තැබූ පොරව තලය මත ලිහිසි කරන තෙල් වර්ගයක් ආලේප කර තලයට ආරක්ෂක වැස්මක් දමා පොරව ආයුධ රාක්කයේ තැන්පත් කළ යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.