Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලදක්ෂ සපත්තුව

  • 2019-04-04 19:57:13
  • 0 Comments

අපහසුවකින් තොරව වැඩි දුරක් පා ගමනින් යෑමට නොහැකි නම් ඔහු වැඩකට නැති පුද්ගලයකු බව බාලදක්ෂ විද්‍යාව කෘතියෙහි දක්වා ඇත. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් බාලදක්ෂ විද්‍යාව කෘතිය රචනා කරන වකවානුවේ දී පා ගමන්වලට ලබාදුන් වටිනාකම එමගින් සනාථ කොට ඇත.
බාලදක්ෂ ඔබ පා ගමන් සඳහා සහභාගි විය යුත්තේ බාලදක්ෂ නිල ඇඳුමින්ය. නිල ඇඳුමට සුදුසු කළු සපත්තු කුට්ටම චාම් එකක් විය යුතුය.


සපත්තු කුට්ටම
පා ගමනක් සඳහා සහභාගි වන ඔබ කිසි දිනෙක අලුත්ම සපත්තු දෙකක් නොපැලඳවිය යුතුය. එයට හේතුව දහඩියෙන් හෝ සම තෙත්වීමෙන් සම මෘදුවීමත්, අලුත් නොනැමෙන සපත්තුවට කකුල මැදී දිය පට්ටා ඇති වීමත්ය. එබැවින් පා ගමන සඳහා වඩාත් සුදුසු ඔබ නිරතුරැව පැලඳි සුපුරැදු සපත්තු දෙකයි.
පා ගමනට සුදුසු සපත්තු
සපත්තු දෙක පාදයේ පැලඳි පසු පාදය තුළට හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුය. පාදයේ හැඩයට වඩාත් ගැළපෙන සපත්තු කුට්ටමක් තෝරා ගත යුතුය. පාදයට පැලඳි සපත්තු අනවශ්‍ය ලෙස විශාල නොවිය යුතුය. විශේෂයෙන්ම සුවපහසු බවින් යුතු බාලදක්ෂ නිල ඇඳුමට ගැළපෙන ආකාරයේ ගැටිය ඇද නොවුණ සපත්තු දෙකක් තෝරා ගත යුතුය. පාදයේ ඉදිරිපස ඇඟිලි ආවරණය වන සපත්තුවේ ඉදිරිපස කොටස (Toe Cap)  අනවශ්‍ය ලෙස උල්වී නොතිබිය යුතුය. තියුණු උල් සහිත සපත්තු පැලඳීමෙන් බාලදක්ෂ නිල ඇඳුම අවලස්සන කරන බව බාලදක්ෂ ඔබ වටහා ගත යුතුය.
සපත්තු දෙකේ අඩිය
බාලදක්ෂ සපත්තුව පලඳින බාලදක්ෂයා නිරතුරැව පා ගමනින් යයි. එම නිසා ඉක්මනින් ගෙවී නොයන ශක්තිමත් යටි පතුලක් සපත්තු දෙකට තිබිය යුතුය. එහෙත් සපත්තුවේ අඩිය හොඳින් නම්‍යශීලී විය යුතුය. විශේෂයෙන්ම සපත්තුවේ විලුඹ, සපත්තුවේ අඩිය සහ නැමෙන දිග හැරෙන කොටස් මනාව ක්‍රියාකාරී විය යුතුය. එසේ නොවන සපත්තු කෙටි කාලයක දී නැමීම්, ඉරිතැලීම් වලට ගොදුරැ වී අබලන් වෙයි. 
වනගත ගවේෂණයට සුදුසු සපත්තු


බාලදක්ෂ ඔබ සහභාගි වන්නේ වනගත ගවේෂණයකට නම් ඒ සඳහා සුදුසු සපත්තු දෙකක් තෝරාගත යුතුය. පාදයේ විලුඹ සහිත කොටස හොඳින් වැසෙන ගැටිය සහිත කටක් ඇති සපත්තු ඒ සඳහා සුදුසුය. සර්ප දෂ්ටනයක දී පාදය ආරක්ෂා කරගැනීමත්, දිගු වේලාවක් නොකඩවා පා ගමනේ නියැලිය හැකි වීමටත් එවැනි සපත්තු කුට්ටමක් ඉවහල් වෙයි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.