Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංස්කෘතිය යනු යම් රටක ජාතියක් හෝ ජන කොට්ඨාසයක පිළිගත් සම්ප්‍රදායන්, වටිනාකම් සහ අගනාකම් සමස්තයයි. එම නිසා සෑම රටකටම සංස්කෘතියක් උරැම වී ඇත. සංස්කෘතිය රටකින් රටකට වෙනස්ය. එය සංස්කෘතියේ ස්වභාවයයි. 
බාලදක්ෂයින් තිස් පන්දහසක්
ලෝකයේ රටවල් 160 කින් පැමිණෙන බාලදක්ෂයින් තිස් පන්දහසක් දෙනා එකම කඳවුරැ භූමියක කඳවුරැ බඳින ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි මාසයේ පැවැත්වෙයි. ලෝකයේ සෑම රටක්ම නියෝජනය කරන ඔවුහු විවිධ වූ සංස්කෘතීන්ට අයත් වූවෝ වෙති. ජාති, ආගම්, කුල භේදයකින් තොරව ලෝකයටම පොදු වූ එකම පොරොන්දුවකට සහ නීතියකට යටත්ව බාලදක්ෂයෝ කඳවුරැ බඳිති. 
එබැවින් ගෝලීය සංහිදියාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝක බාලදක්ෂ ජම්බෝරියෙහි දී ප්‍රායෝගිකව අත්දකින්නට ලැබෙයි. ලෝකයේ සෑම රටකින්ම පැමි‍ණෙන දරැ දැරියෝ ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වෙති. 
සංස්කෘතික මංගල්‍යයක්
දරැවන් යනු රටක අනාගතයයි. රටක සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යන්නේ අනාගත පරම්පරාව බව තේරැම් ගත් ලෝක බාලදක්ෂ ජම්බෝරි සංවිධායකයෝ ජාත්‍යන්තර මහා සංස්කෘතික මංගල්‍යය සංවිධාන කළහ. ජම්බෝරියට පැමිණෙන එකිනෙකා හට තම සංස්කෘතිය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට සුදුසු වේදිකාවක් නිර්මාණය කර දීම එහි අරමුණ වී ඇත.
 සාම්ප්‍රදායික ආහාර වට්ටෝරැ, ජනක්‍රීඩා, ජන සංගීතය, ජන නැටුම්, ජන ගායනා, ජන සාහිත්‍යය, සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම්, විලාසිතා රට රටවල අතීත කථා සහ ජනප්‍රවාද ආදිය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය අවකාශය සංස්කෘතික මහා මංගල්‍යයේ දී සෑම රටකටම ලබා දෙයි. 
එබැවින් තම රටේ ඉතිහාසයක්, සංස්කෘතියක් ලෝකය හමුවේ ජාත්‍යන්තර මහා සංස්කෘතික දිනයේ දී මැනවින් ඔප් නැංවීමට සුදුසු නිර්මාණයක් සඳහා බාලදක්ෂයින් සූදානම් විය යුතුව ඇත. 
ශ්‍රී ලාංකික බාලදක්ෂ ඔබ ඒ සඳහා සූදානම්ද ?
ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වෙන ඔබට කල් ඇතිව ඒ සඳහා සූදානම් විය හැකිය. ජන ගායනා, ජන නැටුම්, ජනක්‍රීඩා, අං‘ගම්පොර හරඹ, සාම්ප්‍රදායික ආහාර, සාම්ප්‍රදායික දේශීය රසකැවිලි, ජන වහර, ජනප්‍රවාද, වීරකතාද විදේශිකයන්ට හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරැ ගවේෂණය කොට ඒවා ද රසවත්ව ඉංග්‍රීසි පරිවර්තන සහිතව විදේශිකයන් වෙත ඉදිරිපත් කළ හැකිය. 
ඒ සඳහා බාලදක්ෂ ඔබ ඔබේ පාසල් ගුරැවරැන් හමුවී සාකච්ඡා කළ යුතුව ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.