ලණුවකින් ලණු ඉණිමගක් හදමු !
- 2018-03-12 15:58:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළිමහන් කඳවුරක සිටින ඔබට, ක්ෂණිකව ඉහළ ස්ථානයකට නැගීමට හෝ පහළ ස්ථානයකට බැසීමට සිදුවන අවස්ථාවක &ලණු ඉණිමගක්* ප්‍රයෝජනවත් වේවි. ඉතා කෙටි වේලාවක දී ලණු ඉණිමග සාදා ගත හැකිය. එයට අවශ්‍ය වන්නේ අඩි විස්සක් දිග ශක්තිමත් කඹයක් පමණි. පැතලි කෘත්‍රිම කඹයක් වුවද මේ සඳහා භාවිත කළ හැක.
ඉණිමග හදමු
කඹය හරි මැදින් නමන්න. බාලදක්ෂයින් දෙදෙනකු විසින් කඹයේ දෙකොන හොඳින් අල්ලා ගත යුතුය. ඉන්පසු එක් පොටක් තෝරා ගෙන රෑපයේ දැක්වෙන ආකාරයට &සරල ගැට* පෙළක් සමාන දුරින් යෙදිය යුතුය. ගැට දෙකක් අතර දුර අඟල් දහයක් විය යුතුය. ඔබගේ අවශ්‍යතාව අනුව ඉනිමගේ උස තීරණය කළ හැකිය. එමෙන්ම ඒ සඳහා යොදන සරල ගැට ප්‍රමාණයද අඩු හෝ වැඩි විය හැකිය.
ලණු ඉණිමග ප්‍රයෝජනයට ගැනීම
සරල ගැට යෙදූ ලණුවෙහි ක්‍රියාකාරී අන්ත දෙක සහිත කෙළවර උස ස්ථානයේ ස්ථාවරව ගැටගැසිය යුතුය. ඔබ පහතට, බැසිය යුතු නම් ඉහළ කෙළවර ශක්තිමත් ගසක කඳේ බැඳිය හැකිය.
මේ ආකාරයෙන් ලණු ඉණිමග ස්ථාවර කළ පසු එහි ඇති &පුඩු* මත ඔබේ පය තබා ගමන් කිරීම ආරම්භ කළ හැකිය. නොගැලවෙන පාවහන් යුගලක් හෝ සපත්තු කුට්ටමක් පැලඳීමෙන් වඩාත් ඉක්මනින් හා ආරක්ෂාකාරීව ඉණිමග තරණය කළ හැකි වනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments