වංකගිරියේ සිරගත වූ බී.පී.තුමා
- 2019-01-31 15:36:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෝතක බාලදක්ෂයින් ඇතුළු සිඟිති බාලදක්ෂයින්ට මෙම ක්‍රීඩාව වඩාත් සුදුසුයි. මෙහි දැක්වෙන ආකාරයෙන් විශාල ප්‍රමාණයේ වංකගිරියක් සාදාගත යුතුය. ඒ සඳහා ලී පටි කිහිපයක් හෝ රෙජිෆෝම් කැබලි කිහිපයක් භාවිත කළ හැකිය.බාලදක්ෂයින්ට වංකගිරියේ හරි මැදට ආකාර කිහිපයකින් පිවිසිය හැක. ඒ සඳහා වක ගැසුණු මාර්ග නිර්මාණය කිරීම අභියෝගයකි.
ක්‍රීඩාව ආරම්භ කිරීම
ගසක අත්තක එල්ලා ඇති වංකගිරිය බෝඩ් ලෑල්ල අසලට ගමන් කළ හැක්කේ එක් වරකට එක බාලදක්ෂයකුට පමණි. ඔහුට නියමිත වේලාවක් ලැබෙයි. එම කාලය තුළදී වංකගිරියට පිවිස තෝරාගත් මාර්ගය ඔස්සේ වංකගිරියේ මැද තබා ඇති බී.පී. තුමාගේ ඡායාරෑපය අසලට ගමන් කළ යුතුය. නියමිත වේලාව තුළ සාර්ථකව අභියෝගය ජයගන්නා බාලදක්ෂයාට දිනුම අත්වෙයි.
සැ.යු.
ජයගන්නා සෑම බාලදක්ෂයකුටම බී.පී.තුමාගේ පිංතූරයක් තෑගි කළ හැකි නම් තරගය වඩාත් උණුසුම් විය හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments