Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


දිගින් වැඩි කඹයක් නොකපා &පුඩුවක්* සකස් කරගැනීමට හැකි ක්‍රම දහයක් මෙහි දක්වා ඇත. එළිමහන් කටයුතු කරන බොහෝ අවස්ථාවල දී මෙම &බාලදක්ෂ පුඩු* ප්‍රයෝජනවත් වන බැවින් ඒවා නිර්මාණය කරගන්නා ආකාරය බාලදක්ෂ ආචාර්යවරයාගෙන් ඉගෙන ගත යුතුය.
පුඩුවක ප්‍රයෝජන
යම් වස්තුවක් ඉහළ ස්ථානයක කඹයක ආධාරයෙන් එල්ලා තැබීමට පුඩුවක් ප්‍රයෝජනවත් වෙයි. එහි ශක්තිමත් භාවය දෙගුණයකින් වැඩි කරගැනීම උදෙසා කඹය පොටවල් දෙකකින් භාවිත කළ හැකිය. &ද්විත්ව අට ගැටය* (Figure 8 Double Loop) එයට නිදසුනකි. 
උස ස්ථානයක සිට ගමන් කරන විට ජීවිතාරක්ෂාව සඳහා පුඩුවක් නිර්මාණය  කර එය ඉඟ ප්‍රදේශයේ රඳවා ගත හැකිය. ඒ සඳහා ජීවිතාරක්ෂක ගැටය (Bowline On a Bight) හා ස්පාඤ්ඤ ජීවිතාරක්ෂක ගැටය (Spanish Bowline) ප්‍රයෝජනවත් වෙයි.
ඔබ එළිමහන් කඳවුරක මුර අට්ටාලයක සිටින විටදී ඒ මතට ගොඩවීමට ආධාරකයක් ලෙස කඹයකින් නිර්මාණය කළ පුඩුවක් භාවිත කළ හැකිය. ඒ සඳහා සමනල පුඩුව හෝ ද්විත්ව සමනල පුඩුව (Butterfly Loop/ Double Butterfly Loop) හෝ ප්‍රයෝජනවත් වෙයි. මෙහි දැක්වෙන රෑප සහිත පුඩු, හොඳින් නිරීක්ෂණය කර කිහිප වතාවක් පුහුණු වීමෙන් පසු ඒවා එළිමහන් බාලදක්ෂ කඳවුරක දී ප්‍රයෝජනයට ගැනීම ඔබේ වගකීමකි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.