Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

  ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 107 ක කාලයක් තුළ ජාතික බාලදක්ෂ ජම්බෝරි නවයක් පවත්වා  ඇත. මීළඟට පැවැත්වෙන්නේ දස වැනි ජාතික ජම්බෝරියයි. එය පැවැත්වෙන දිනය, වකවානුව සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳවද නිගමන කිහිපයක්ම එළඹුණු බව බාලදක්ෂ මූලස්ථානය නිවේදනය කර ඇත.
 ජම්බෝරි නායක, ප්‍රධාන කොමසාරිස්, මෙරිල් ගුණතිලක සහ සම ජම්බෝරි කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරැන් ඇතුළු ජාතික ජම්බෝරි සංවිධායක කමිටුව එළඹුණු තීරණ මෙහි දැක්වෙයි.


ජම්බෝරි කඳවුරැ බිම
දසවෙනි ජාතික ජම්බෝරිය ත්‍රිකුණාමලය නගරයේ පැවැත්වෙයි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත මුහුදු බාලදක්ෂ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපදේශකත්වයෙන් සිදුවනු ඇත. ආකර්ෂණීය වෙරළ තීරය හා අවට ප්‍රදේශයේ දී එළිමහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂිතය. 
2020 අප්‍රේල් මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් දසදහසක් කඳවුරැ බැඳීමට අපේක්ෂිතය. විදේශීය බාලදක්ෂයින් දහසකට සහභාගි වී කඳවුරැ බැඳීමට අවකාශය ලබා දීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
 ඒ අනුව ජූලි මාසයේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී දසවැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව ලෝක බාලදක්ෂයින් දැනුම්වත් කරනු ඇත. 

දැවැන්තම බාලදක්ෂ කඳවුර
මෙතෙක් ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කඳවුරක කඳවුරැ බැඳි බාලදක්ෂයින් වැඩිම ප්‍රමාණය හත් දහසකි. එහෙත් මෙවර පැවැත්වෙන ජාතික ජම්බෝරියේ කඳවුරැ බඳින බාලදක්ෂයින් ගණන ජම්බෝරි සේවා කණ්ඩායම් ද ඇතුළුව දොළොස් දහසකට ආසන්න වන බව තක්සේරැ කොට ඇත.
 එබැවින් ගෙවුණු සියවසේ අති දැවැන්තම කඳවුර ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ දසවැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ඉතිහාසයට එක්වනු ඇත. 

ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 20 ක් 
දසවැනි ජාතික ජම්බෝරිය සාර්ථක කරගැනීමට ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 20 ක් ඔස්සේ උප කමිටු පත්කර ඇත. එම විෂය ක්ෂේත්‍ර ප්‍රධානීන් ලෙස අත්දැකීම් බහුල ලී පදක්කම් ධාරී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායකයින් පත්කර ඇත. 
බාලදක්ෂ නිර්මාණකරැවන්ට අවස්ථාවක්
දසවැනි ජාතික ජම්බෝරියේ ආරම්භයේ සිට අවසානය දක්වාම බාලදක්ෂයින් වෙත අවස්ථාවක් ලබා දීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. 
ඒ අනුව ජාතික ජම්බෝරිය වෙනුවෙන් මෙහි දැක්වෙන අවශ්‍යතා ඉස්මතු වන අයුරින් බාලදක්ෂයින් හට නිර්මාණ ඉදිරිපත් කළ හැකි වෙයි. වයස් භේදයකින් තොරව නිර්මාණයක් හෝ නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කළ හැකි අතර සියල්ල නව යුගයට ගැළපෙන සිත්ගන්නා සුලු නව නිර්මාණ විය යුතුය.
• ජම්බෝරි තේමාව
• ජම්බෝරි ලාංඡනය
• ජම්බෝරි පදක්කම
• ජම්බෝරි මුද්දරය
• ජම්බෝරි එක්දින කවරය
•  ජම්බෝරි සමරැ කලාප පිටකවරය
• ජම්බෝරි අත් පත්‍රිකා
• ජම්බෝරි ගීතය සහ තනුව
• ජම්බෝරි සුරතලා සහ කාටුන් චිත්‍ර
   බාලදක්ෂ ඉතිහාසයේ ජාතික ජම්බෝරියක ඉහත නිර්මාණ වගකීම් බාලදක්ෂයින් වෙත පැවරෑ අවස්ථා විරලය. එබැවින් ලැබෙන්නා වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට බාලදක්ෂයින් උනන්දු විය යුතුය. 
බාලදක්ෂ ඔබ ඒ සඳහා සක්‍රීය නිර්මාණශීලී දායකත්වයක් එයට ලබාදෙන බව ජාතික බාලදක්ෂ මූලස්ථානයේ බලාපොරොත්තුව වී ඇත. එබැවින් ඔබගේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරැණු කිහිපයක් ඇත.
• දෙදහස් විස්ස වර්ෂය ඉස්මතු වීම.
• බාලදක්ෂ විෂය හා සමපාත වීම.
• නිර්මාණයෙහි ඇති අනන්‍ය බව තහවුරැ කිරීම.
• අන්තර්ජාලයෙන් උපුටා නොගැනීම.
• 2019 අප්‍රේල් 10 වැනිදාට පෙර ඔබගේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.

ඔබේ නිර්මාණ ඉදිරිපත් කළ යුතු ලිපිනය
අප වෙත  ලැබෙන අනන්‍යතාව තහවුරැ කළ නිර්මාණ සියල්ල ජාතික ජම්බෝරි ලේකම් තුමා මගින් ජාතික ජම්බෝරි සංවිධායක කොමසාරිස් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත. නිර්මාණ ඉදිරිපත් කරන ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, බාලදක්ෂ කණ්ඩායම සඳහන් කොට,
wijayascoutpage@gmail වෙත එවිය යුතුය.
ඔබේ අවධානයට
• ඔබ එවන ග්‍රැෆික් නිර්මාණ PDF හෝ Vector ග්‍රැෆික් නිර්මාණ ලෙස යොමු කළ යුතුය. 
• පරිගණකය භාවිත නොකරන නිර්මාණ බාලදක්ෂ ආචාර්යවරයාගේ අත්සනින් යුතුව විජය ළමා පුවත්පත, විජය බාල දක්ෂ කඳවුර තැ.පෙ. 2037, කොළඹ යන ලිපිනයට තැපැල් කළ යුතුය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.