සියවස ජම්බෝරියට සූදානම් වෙමු
- 2019-04-30 14:18:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර දිසා බාලදක්ෂ දිස්ත්‍රික්කය ආරම්භ කරන ලද්දේ 1919 වර්ෂයේ දී ය. එදා සිට අද දක්වා මාතර බාලදක්ෂ ක්‍රියාකාරකම්හි නියැළී බාලදක්ෂයෝ වසර සියයක අභිමානයක ඉතිහාසය ස්මරණය කිරීම උදෙසා සියවස සැමරැම් ජම්බෝරිය සූදානම් කළහ.
ආදි බාලදක්ෂ, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, දිසා කොමසාරිස් පී. ජී. ඉන්දික ප්‍රසන්න ඇතුළු දිසා බාලද්කෂ නායක නායිකාවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මාතර සියවස ජම්බෝරිය මැයි මස පස්වැනි දා දක්වා මාතර නගරයේ දී පැවැත්වීමට යෝජිතය. මේ සඳහා පූර්ණකාලීනව බාලදක්ෂයන් තුන්දහසක් කඳවුරැ බැඳීමට නියමිතව ඇත.
ජාතික කබෝරිය පැවැත්වෙයි
12 වැනි පෝතක බාලදක්ෂ ජාතික කබෝරිය පසුගිය දා පැවැත් විණ. ගම්පහ බාලදක්ෂ දිසාවේ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය ආශ්‍රිතව පැවැත් වූ ජාතික කබෝරිය සඳහා බාලදක්ෂයෝ හත්දහසක් සහභාගී වූහ. පෝතක බාලදක්ෂ කබෝරියක් සඳහා විදේශීය බාලදක්ෂයින් තුන්සියයක් නියෝජනය වීම ඓතිහාසික සිදුවීමක් බව සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය සඳහන් කළාය. මෙහි දැක්වෙන්නේ ජාතික කබෝරිය අතරතුර දී ගත් ඡායාරෑප කිහිපයකි.
Reply To:
Name - Reply Comment
0 Comments