Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

51 වෙනි කොළඹ කැම්පෝරිය සුවිශේෂත්වය වන්නේ එහි තේමාවයි. එය ලෝක සංවර්ධන අරමුණු වලට අනුව H2O – Life “ Preserve For Future” යන තේමාවයි. එහි මූලික පරමාර්ථය වන්නේ බාලදක්ෂයින් හරයා පිරිසිදු ජලයෙහි වටිනාකම මහජනයාට දැනුවත් කිරීමයි. මෙවර කැම්පෝරියේ කඳවුරු නායක කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුරේන් වික්‍රමතිලක මහතා සහ කඳවුරු සංවිධායක උපුල් රණසිංහ යටතේ බාලදක්ෂ කණ්ඩායම් 77ක් විහාරමහදේවි උද්‍යානයේ කඳවුරු බැඳ සිටි අතර කොළඹ දිසාවේ සිඟිති බාලදක්ෂයින් 575ක් පෝතක බාලදක්ෂයින් 175ක් සහ බාලදක්ෂයින් 2300කින් සමන්විත වේ. 
 

51 වෙනි කොලඹ කැම්පෝරියේ සමාරම්භක  උත්සවයේ ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවිය. කාලයක් තිස්සේ අධ්‍යාපනයේ අරමුණ බවට පත් වී තිබුණේ අධ්‍යාපනය දියුණු කිරීම නොව ඒ තුළින් දේශපාලනය කිරීම බවත්, දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට ගියහොත් අධ්‍යාපනය දියුණු කිරීමට නොහැකි බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් පළ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ 51 වෙනි බාලදක්ෂ කැම්පෝරියට ආරාධනා කිරීම පිළිබඳ මා ස්තූතිවන්ත වෙනවා. විශාලතම පෝතක බාලදක්ෂ කණ්ඩායම තිබුණේ මගේ පැරණි පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ යි. එකල රාජකීය විද්‍යාලය සහ රාජකීය ප්‍රාථමිකය යනුවෙන් කොටස් දෙකක් තිබුණා. අප රාජකීය ප්‍රාථමික විදුහලේ ඉගෙනගත් සමයේ පෝතක ව්‍යාපාරයට එක්වන ලෙස අප උනන්දු කරනු ලැබුවා.

මමත් මීට වසර 52 කට පෙර පෝතක ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කළා. අප එකල අධ්‍යාපනයට මෙන්ම මෙවැනි කටයුතු සඳහා ද උනන්දු වුණා. පස්වැනි ශ්‍රේණියේ විභාගය තිබෙනවා යැයි කියා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා යැයි අපට කිසිවෙකුත් පැවසුවේ නැහැ. අප අධ්‍යාපන කටයුතු සිදුකරන අතර තුරම ක්‍රීඩා ආදියට සහභාගී වෙමින් පෝතක ක්‍රියාකාරකම්වලද යෙදුණා.

පෝතක ව්‍යාපාරය මගින් කුඩා කාලයේ අපේ ජීවිතයට හොඳ අත්දැකීමක් ලැබුණා. ඔබ සියලූ දෙනාම දැන් ලබාගන්නේ එවැනි අත්දැකීමක්. වර්තමානයේ දී පාසල් කීයක පෝතක ව්‍යාපාරය තිබේ දැයි මා අද කොමසාරිස්තුමාගෙන් විමසුවා. පාසල් දහසක පමණ පෝතක ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් 8000 - 9000 ක් පමණ තිබෙනවා. ඉතිං එම පාසල්වලට බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට නොහැකි වන්නේ ඇයි? මේ සඳහා ගුරුවරුන් හිඟකමක් තිබෙන බව පවසනවා. එසේ නම් අපට යෝජනා ලබාදෙන්න.
ඉදිරි කාලයේ ගුරුවරුන් බඳවා ගැනීමේ දී බාලදක්‍ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට ව්‍යාපාරයට සම්බන්ධ වූ අය සඳහා විශේෂත්වයක් ලබාදීමට අප කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිනවා. විෂය මාලාවලටත් මෙවැනි දේ ඇතුළු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කොට පෝතක බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගත් පියවර පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

කාලයක් තිස්සේ අධ්‍යාපනයේ අරමුණ බවට පත් වී තිබුණේ අධ්‍යාපනය දියුණු කිරීම නොව ඒ තුළින් දේශපාලනය කිරීමයි. දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගන්නට ගියහොත් අධ්‍යාපනය දියුණු කරන්නට බැහැ. එවිට අධ්‍යාපනය සාර්ථක වන්නේ නැහැ. මෙම තත්ත්වය නිසා අප රටේ සිසු සිසුවියන් ගණනාවක් පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්වුණා. එලෙස ඉවත් වී අනාගතයක් නැති කරගත්තා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පිහිට වූ ආණ්ඩුවේ මූලික අරමුණ බවට පත්වී ඇත්තේ අධ්‍යාපනය දියුණු කොට සිසු පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි.දරුවන් කුඩා කාලයේදීම රටේ වගකිව යුතු පුරවැසියන් බවට පත් කිරීමට හා අනාගතයේ මේ රට මුහුණ දෙන ගැටලු වලට විසදුම් සෙවීමට පුහුණු කිරීම අපගේ මූලික අරමුණයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම තුළින් බිහිවන දරුවන් රටේ ප්‍රශ්න වලට විසදුම් සොයනු ඇතැයි අපේ ආණ්ඩුවේ අධ්‍යාපනය සම්බන්ධ අධිපති මතයයි.'  අප මේ අරමුණෙන් අද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. 2018 වසර වන විට කිසිම සිසුවකු සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැහැ. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම අපේ අරමුණයි. වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් විද්‍යා  සහ ගණිත අධ්‍යාපන ගුරු හිඟයක් පවතිනවා. වර්තමානයේ සිටින ගුරුවරුන්ට අමතරව ගුරුවරුන් 5000 ක් බඳවා ගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම  පිරිස දුෂ්කර පාසල් සඳහා යොමු කර එම ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියමක් ලබාදීම අපේ අරමුණයි.

බාලදක්‍ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ද ගුරුවරු බඳවා ගැනීම අපේ අපේක්‍ෂාවයි.

මමත් කාලයක් පෝතක බාලදක්‍ෂයෙකු වී සිටින නිසා එක් කරුණක් සිහිපත් කරනවා. අව්වේ ඉන්න කිසිවෙකුත් කැමති නැහැ. මේ පෝතක පිරිස මේ මොහොතේ ගස් සෙවණට වී සිටිනවා. පෝතක බාලදක්‍ෂයින් අව්වේ තැබිම සුදුසු නොවන නිසා බාලදක්‍ෂ ව්‍යාපාරයට සුබ පතමින් මා කතාව අවසන් කරනවා.

3 4 5 6 7 8 9 10 11 12 14 15 16 17 18

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.