කීටයන් කන, මල්පැණි බොන Toxorhynchites මදුරුවෝ
- 2017-07-25 12:26:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් ව ඇති වසන්ගතයක් වන්නේ ඩෙංගු රෝගයයි.
මේ කුඩා මදුරුවා තුඩින් අපේ ශරීරයට ඇතුළුවන වෛරසය හරහා සිදුවන ව්‍යවසනය නම් සුළුපටු නොවේ. ඩෙංගු වෛරසය කාණ්ඩ 04ක් යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. මෙම මදුරු විශේෂ දෙක ඔවුන්ගේ ශරීරයේ ඇති සලකුණු නිසා පහසුවෙන් හඳුනාගත හැකිද වනවා. ඔවුන් Aedes යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා.
මදුරුවන්ට මල් පැණි බොන්න පුරුදු කරමු යැයි ජනතාව හාස්‍යයෙන් යුතු ව කතාබහ කළත් එය පර්යේෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් භාරගෙන ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටී. ඔවුන් මදුරුවන්ට මල් පැණි බොන්නට පුරුදු කර නැත. නමුත් මල්පැණි බොන මදුරු කීටයන් කන මදුරු විශේෂයක් සොයාගෙන ඇත. දැන් කාටවත් උපහාසයෙන් යුතු ව එවන් කතාවක් නම් කියන්නට බැරිය. ඒ නිසාම ඩෙංගු මදුරුවා පාලනය කිරීමට යොදා ගන්නා සෙසු ක්‍රමයන්ට අමතර ව නව ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාකරමින් සිටී. එලෙස හඳුන්වා දෙන්නේ බෙහෙතක් හෝ පාලන ක්‍රමයක් නොව මදුරුවෙක් ම වීමත් මෙහි ඇති විශේෂත්වයක් වන අතර ම මොවුන් කීට අවස්ථාවේ දී මාංෂ භක්ෂකයන් ලෙසින් ද සුහුබුල් එනම් මදුරු අවස්ථාවේ දී ශාඛ භක්ෂකයෙකු ලෙසත් ක්‍රියාකිරීම සුවිශේෂීත්වයක් ද වනවා. මෙලෙස හඳුන්වාදී ඇති මදුරු විශේෂය වන්නේ ටොක්සෝලින්කයිටීස් ය. (Toxorhynchites)මෙම මදුරු විශේෂය ඩෙංගු කීට පාලනය සඳහා යොදාගැනෙන්නේ මොවුන් ඩෙංගු මදුරුවන් හා කීටයන් හා සමග සැසඳීමේ දී ඇති විශාලත්වය නිසාය. එමෙන් ම මෙම මදුරුවාගෙන් මිනිසාට හානියක් ද නොවන නිසාය. Toxorhynchites මදුරු විශේෂය කීට අවස්ථාවේ දී මිලි මීටර් 19ක පමණ දිගින් යුතු වන අතර (සුහුබුල් අවස්ථාවේදී) මදුරුවා මිලි මීටර් 24ක් පමණ විශාල වේ. මේ විශාලත්වය නිසාම Toxorhynchitesහට කීට අවස්ථාවේ ඩෙංගු කීටයන් ආහාරයට ගැනීම හරහා ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට යොදාගැනීම සිදු කෙරේ. වසර 1 1/2 ක පමණ සිට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයන් මගින් මේ බව තහවුරු කරගෙන ඇත. එහෙත් මෙම Toxorhynchites නම් මදුරු විශේෂය ප්‍රාදේශීයව ව්‍යාප්තව සිටිය ද නාගරික ප්‍රදේශවල දක්නට නොමැති අතර කොළඹ අවට නාගරික ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් සිටින ප්‍රදේශ වෙත මොවුන් මුදාහැර ව්‍යාප්ත කිරීමට ඉදිරියේ දී කටයුතු කෙරෙනු ඇත. ඒ හරහා යම් පාලනයක් සිදු කරගැනීමට අපේක්ෂා කෙරේ. මේ වන විටත් පේරාදෙනිය, කුණ්ඩසාලේ හා මීරිගම ප්‍රදේශ වෙත Toxorhynchites මදුරු මුදාහැර ඇත.
Toxorhynchites මදුරු කීටයා ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගත්තද මදුරුවෙක් බවට පත්වීමෙන් පසු ස්භාවිකව ම එම මදුරුවාගේ ශුණ්ඩාවේ පිහිටීම අනුව මිනිසුන්ට දෂ්ට කිරීමට නොහැකි බැවින් ශාක ශාර මෙන් ම මල්පැණි ද ආහාර ලෙස යොදාගනී. මේ හේතුව නිසා මොනයම් හෝ අවස්ථාවකදී මෙම මදුරුවාට මිනිසාට දෂ්ට කිරීමේ හැකියාවක් නොමැත. මේ හේතුව නිසා මෙම නව
ක්‍රමවේදය ජෛව පාලන ක්‍රමයක් ලෙසින් කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙනවා.
Reply To:
Name - Reply Comment
0 Comments