Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාර්ගෝපදේෂකත්වය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව “පරිසරය අප රකී - රකිමු පරිසරය” තේමාව යටතේ 12 වන ජාතික පරිසර නියමු කඳවුර ආරම්භ කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය , මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක , මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න  යන මහතුන්ගේ ප්‍රධානත්වයන් පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේ දී ආරම්භ විය.

පරිසරය අප රකී - රකිමු පරිසරය තේමාව යටතේ ජාතික පරිසර නියමු වැඩසටහන හරහා පාරිසරික උරුමය සුරැකීමට පියනගන පරිසර නියමුවෙකු පරිසර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් පදක්කම් පහක් ලබා ගැනීම දක්වා ක්‍රියාවලියක ගමන් කළ යුතුය. එහිදී විශේෂ දක්ෂතා දැක්වූ පාසල් 58 ක පරිසර නියමුවන් 300 ක් පමණ සමස්ථ දිවයිනම ආවරණය වන පරිදී විවිධ ප්‍රදේශවලින් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ..

මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයන් පරිසර නියමුවන් හට පදක්කම් පැළදීම හා 12 වන පරිසර නියමු ජාතික කඳවුරේ සමාරම්භකය සනිටුහන් කරමින් සමරු පලකයක් සහ නා පැලයක් රෝපණය කිරීමද සිදු විය.

මෙම අවස්ථාව සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්.සෙනෙවිරත්න , මධ්‍යම පරිසර අධිකාරී සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂක ජෙනරාල් කේ.එච්.මුතුකුඩ ආරච්චි  මධ්‍යම පළාත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

680 681 682 683 684 685 686 687 688 689 690 691

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.