පැරණි අපේ මුතු මිත්තෝ කාලගුණේ දැනගත් හැටි
- 2016-10-22 02:41:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ පැරණියන්ගේ දිවිය සොබා දහම සමග දැඩි ලෙස බැඳි තිබුණි. ඔවුහු සොබා දහමට අනුව දිවි පෙවෙත ගොඩනගා ගැනීමට යොමු වූහ. ඔවුන්ට සොබා දහමේ වෙනස්කම් ගැන මනාව වටහා ගැනිමේ හැකි කමක් තිබුණි. එය සොබා දහම සමග වූ දැඩි සබැඳියාව හේතුකොටගෙන ඔවුන් ලද හුරැකමකි. සුළං හමන රටාව අනුව අපේ පැරණියන් කාලගුණ තත්ත්වය අවබෝධ කරගත් ආකාරය ගැන විමසා බලමු.
පොළොව පැළෙන සුළං
අධික ඉඩෝර කාලයේද ඉතා වියළි සුළඟ ශීඝ්‍රයෙන් හමා යන විට පොළොව පුපුරා ඉරිතලයි. එහෙයින් අපේ පැරණියෝ එම සුළඟ පොළොව පැළෙන සුළඟ යනුවෙන් හැඳින්වූහ. එය වළං පැළෙන සුළඟ යනුවෙන් ද ව්‍යවහාර වුණි. පොළොව පැළෙන සුළං ඇති වන්නේ ඉඩෝරය ඉදිරියටත් පවතින බව ඇඟවීමට යැයි පැරණියෝ අදහස් කළහ.
කොළ සුළඟ
ඉඩෝර කාලය උදාවී ඇති බව හඳුනා ගැනීමට උපකාරී වූ තවත් සුළං විශේෂයකි කොළ සුළං. තුරු මුදුන් අතරින් හමා එන එම සුළඟට ගස්වල කොළ ගලිහි බිමට වැටේ. කොළ සුළඟ හැමීම ආරම්භ වී දින කිහිපයක් ඇතුළත බොහෝ ගස්වල කොළ කහ පැහැයට හැරේ. පසුව ඒවා සුළඟට හසුවී ගිලිහි යයි. සාමාන්‍යයෙන් කොළ සුළඟ පවතින්නේ දවස් කීපයකි.
ගහගෙන යන සුළඟ
වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව දැන ගැනීමට පෙර නමිත්තකි. ගහගෙන යන සුළඟ, එම සුළඟින් බිම ඇති කොළ රොඩු සියල්ල ගහගෙන යන බැවින් එ නමින් හඳුනවයි. ගහගෙන යන සුළඟ හමන්නේ එක් දිශාවකටය. එසේම එය පොළොව මට්ටමේදී ඉතා වේගයෙන් හමා යයි. ගහගෙන යන සුළං ඇති වූ විට ගමට ගහගෙන යන සුළං බෝ වෙලා යැයි ගැමියෝ කියති.
හූ කියන සුළඟ
ඉඩෝරය ඉතා දැඩිව පවතින විට කඩින් කඩ වේගයෙන් හමා යන සුළං විශේෂයක් පවතී. පැරණියෝ එම සුළඟට හූ කියන සුළඟ යැයි කීහ. එයට හේතුව එම සුළඟ හමන විට හූ ශබ්දයක් ඇතිවිමයි. වෙල, කමත, වැව ආදී ගස් රහිත ස්ථානවලදී එම හූ ශබ්දය පැහැදිලිව ඇසේ. හූ කියන සුළං හැමීම වියළි කාලගුණය තවදුරටත් පවතින බවට පෙර නිමත්තක් බව පැරණියෝ දැන සිටියෝය.
වැලි සුළඟ
ඉඩෝර සමයේදී වැලිකැට එක තැන කැරකි ක්ෂණයකින් සුළියක් මෙන් ඉහළට ගසාගෙන යන සේ සුළං හමයි. පැරණියෝ එයට වැලි සුළඟ යැයි කියූහ. වැලි සුළං බහුලව ඇතිවන්නේ වියළි කාලගුණය තව දුරටත් පවතින විටදී බව ඔවුහු අත්දැකීමෙන් දැන සිටියහ.
හීල් සුළඟ
සිසිල් දිය බිඳිති සහිත සුළඟ අපේ පැරණියන් හැඳින්වූයේ හීල් සුළඟ කියාය. ඇතැම්විට එය ඇල් සුළඟ කියාය. ඇතැම්විට එය අපේ සුළඟ කියාද හැඳින්විණි. හීල් සුළඟ ඇඟ දැවටෙන වට එහ සිසිලස නිසා සිරැරෙහි හිරිගඩු මතුවේ. එ බැවින් පැරණියෝ එම සුළඟට හිරිගඩු සුළං යැයි ද කියූහ. හීල් සුළඟ හමන විට වැසි ඇති වන බව ඔවුන් දැන සිටියේ අත්දැකීමෙන් ලැබූ අවබෝධයෙනි. හීල් සුළඟට වැස්ස සැර සාරයි යනුවෙන් කියමනක් ද එකල පැවැතුණි. හීල් සුළඟ හමා එන්නේ වැසි සහිත ප්‍රදේශවල ජල අඩංගු අංශු රුගෙනය. ඒ නිසා හීල් සුළඟ හමා එන දිශාව අනුව වැසි වසින ප්‍රදේශ හඳුනාගත හැකි විය.
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න- විජය සෑම අඟහරුවාදාම නිකුත්වේ
Reply To:
Name - Reply Comment
0 Comments