Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මධ්‍යම පරිසර අධිකාරියේ නියාමන බලය නීතිවිරෝධී ලෙස භාවිත කිරීමට වයඹ පළාත් පරිසර අධිකාරිය කටයුතු කරන නිසා එය විසුරුවා හරින්නැයි වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ජනාධිපති හා පරිසර ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත. 

මධ්‍යම පරිසර අධිකාරියේ තිබු දුර්වලතා හේතුකරගෙන 2006 වර්ෂයේ සිට වයඹ පළාත් පරිසර අධිකාරිය සියලු පරිසර වාර්තා, බලපත්‍ර සහ අනුමැතීන් ලබාදීම පවරාගත්තේ යැයි ද පළාත් සභාවකින් ක්‍රියාත්මක වන එකම පරිසර අධිකාරිය වන ඊට පාර්ලිමේන්තුවේ නිසි අවසරයක් නැතැයි ද වැසි වනාන්තර සුරකින්නෝ පෙන්වා දෙති. 
අධිකාරියේ බලය අවභාවිත කරමින් නිකුත් කරන පරිසර බලපත් ආදිය නිසා මේ වනවිට ගංඟා, ජල මූලාශ්‍ර, පස හා වාතය දූෂණයට වයඹ පළාත් සභාව ද දායක වී ඇතැයි චෝදනා කරන වැසි වනාන්තර සුරකින්නෝ මෙමගින් ජාතික පාරිසරික පනත වයඹ පළාතේ දී ක්‍රියාවට නැගීමට බාධා ගෙන එනු ලබන බවද පෙන්වා දෙති. උතුර හා උතුරු මැද පළාත් සභා ද මේ පරිද්දෙන්ම පරිසර අධිකාරි පිහිටුවා ගැනීමට උත්සාහ කළ ද මධ්‍යම රජයෙන් ඊට ඉඩක් නොදුන්නේ යැයි ද එම තත්ත්වය තුළ වයඹ පළාත් සභාව වෙනම පරිසර අධිකාරියක් ක්‍රියාත්මක කිරීමෙන් මධ්‍යම රජයේ බලය හෑල්ලුවට ලක් වී ඇතැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ. වයඹ පළාත් පරිසර අධිකාරියෙන් පරිසර නීතිය උල්ලංඝණය කළ අවස්ථා විස්සක් උදාහරණ ලෙස දක්වමින් ලියන ලද මෙම ලිපියේ පිටපත් අගමැතිවරයාට, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයාටත් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පරිසරය හා සම්බන්ධ රාජ්‍ය ආයතන රැසකටත් යොමු කර ඇත.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.