Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දේශගුණික විපර්යාස හේතුවෙන් අප රටට විටින් විට බොහෝ හානි පැමිණේ. පරිසර සංරක්ෂණය සඳහා බොහෝ පිරිස් උනන්දුවක් නොදැක්වීම නිසා අපට මේ ව්‍යයසන වලට මුහුණ පෑමට සිදුව ඇත. පාසල් සිසු සිසුවියන් වශයෙන් ඔබ අපට ද මේ ව්‍යයසනයෙන් බේරීමට මහා මෙහෙවරක් කළ හැකිය. පරිසර නියමුවන් වන සිසු සිසිවුයන්ට එහි නායකත්වයක් ගෙන කටයුතු කළ හැකිය. කුමක් කළ යුතුද..? ඒ සඳහා අප සරලම දේ තුළින් පටන් ගනිමු.

මේ එන්නේ බක් මහා වසන්තයයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සිදුවන්නේ ද මේ මාසයේ. ඉපැරණි සිරිත් විරිත් පිළිපදින අප අලුත් අවුරුදු දිනද අගනා චාරිත්‍ර රැසක් ඉටු කරයි. එයින් ඒ නැකතට වැඩ ඇල්ලීමේ චාරිත්‍රය අප මෙවර හරියටම ඉටු කරමු. ඒ කොහොම ද, අප නැකතට වැඩ ඇල්ලීමේ දී දෙමවුපියන් ඔබට කියන්නේ පොතක් පතක් කියවීමට පෙළඹවීමයි. ඒයත් හොඳයි. අපේ වැඩිහිටි අය නම් කරන්නේ කැත්ත උදැල්ල, කුඹුරට යෑම, ගහක් සිටුවීම ආදියයි. අපි මෙය වටිනාම චාරිත්‍රය කර ගනිමු. අපි හැමෝම එකතුව ජලය, පස සංරක්ෂණයට ගොඩාක් උදවු වන ගහක් සිටවමු. සොයා ගැනීමට හැකි ගහක් දැන්ම සුදානම් කර ගනිමු. නැකතට අපි හැමෝම ගහක් සිටුවල රැක ගනිමු. එහි පින්තූරත් ගන්න. අපටත් එවන්න. වර්ධනය වන කාලය තුළ නිරික්ෂණය කරන්න. තත්වය අපට දන්නවන්න. ඔබට අගනා වටිනාකමක් ලබා දෙන්න කටයුතු කරනවා. දරුවන් වශයෙන් ඔබ ජාතික වශයෙන් කරන අගනාම සේවයක් මෙය වන්නට පිළිවන. එක ගහ ගානේ අපි සැවොම ගසක් සිටුවුව හොත් අපට පරිසර තුලිතතාවට අගනමා සේවය කළ පුරවැසියෙක් ලෙස අභිමානයක් දැනේවි.
ඔබේ ගස පිළිබඳ හැමදාම අපව මවගේ පියාගේ දුකථනයෙන් පින්තූර 0716858 366 අංකයට whatapp - viber හෝ Imo වලින් එවන්නත් පිළිවන්. නැතිනම් wijeyawebnews@gmail.com ලිපිනයට එවන්න. අවුරුද්ද පුරාම අපත් එක්ක ගස වැඩෙන තුරු ඉන්න. අප සියලු දෙනාම එකතුව මේ අවුරුදු නැකතට වැඩ ඇල්ලීමේ චාරිත්‍රය අර්ථවත් කර. විනැසෙන පරිසරයට ගසක් එකතු කර ජාතික යුතුකමකට දායක වෙමු. පාසල් යන අපි සැවොම එකම දින  එක ගස බැනින් හිටවූවොත් කොච්චර ගස් ප්‍රමාණයක් පරිසරයට එකතුවෙනව ද කියලා ඔබම ගණන් හදලා බලන්න.
ඡායරුපය- ශ්‍රී ලංකා යුද හමුදාව

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.