අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට සිය රටේ තාක්ෂණික සහාය ඉතාලියෙන්
- 2019-10-29 09:32:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටලුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට සිය රටේ තාක්ෂණික සහාය සේම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය මේ බව පැවසුවේ විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලි ජනන තත්ත්වය පිළිබදව සිය ප්‍රසාදය පළ කළ ඉතාලි තානාපතිවරිය, සීඝ්‍රයෙන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටලුවට ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදිය හැකි අතර ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇති කර ගත යුතු බවත්, ඊට හොදම විසදුමක් වශයෙන් මෙසේ ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය හදුන්වාදිය හැකි බවත් පැවසුවාය.
අපද්‍රව්‍ය ටොන් 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාව ඇති ඉවතලන අපද්‍රව්‍ය බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා පැවති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන ඉදිරි පියවරය ගැනීමට සිය රටේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමටද තානාපතිවරිය සිය එකඟත්වය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින මිල අවම විදුලි උත්පාදන මුලාශ්‍රය වන ජල මුලාශ්‍රය, මේ වන විට විදුලි උත්පාදනය සදහා උපරිමයෙන් යොදා ගෙන ඇති බවත්, ඉදිරි විදුලි ඉල්ලුම් සපුරාලීම පිණිස මෙවැනි මිල අවම, පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයක් වෙත අවධානය යොමු කිරීම
Reply To:
Name - Reply Comment
0 Comments