2025 අප්‍රේල් මස 20 පෙ.ව. 06:38 - {{hitsCtrl.values.hits}}
ආනවිලුන්දාව ජාත්‍යන්තර රුම්සා තෙත්බිම මිනිස් ක්‍රියාකාරකම් සහ ආක්‍රමණික ශාක හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්වවී ඇත. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කුරුළු අභය භුමිය ලෙස සැළකෙන ආනවිලුන්දාව රැම්සා ජාත්‍යන්තර තෙත්බිම හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් සමන්විතය.
අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතිය මේ වන විට ජලය රදා ගැනීමේ ප්‍රමාණය සුළු මට්ටමක පැවතීම හේතුව ලෙස ආක්‍රමණික ශාක වැව් පද්ධතිය පුරාම පැතිරි යාමට පටන්ගෙන තිබේ. සත්ව හා රුක්ෂලතා ආඥා පනත යටතේ 1997 ජුනි 11 වැනි දා අභය භුමියක් ලෙස ආනවිලුන්දාව තෙත්බිම ප්‍රකාශයට පත්කර ඇත. අන්තරජාතික රැම්සා තෙත්බිමක් ලෙස 2001 අගොස්තු 3 දින ප්‍රකාශයට පත්කර කෙරිණි. ආනවිලුන්දාව රැම්සා තෙත්බිම තම වාස භුමිය කරගත් දේශීය සහ විදේශීය පක්ෂීන්ගේ ආහාර හා අභිජනන භුමියකි. HP
![]() |
diary Read more... |