කන්න හැකි තිරිඟු පිඟන්

2025 ජුලි මස 09 ප.ව. 01:12 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකාවේ මන්ච් බෝල්ස් නම් පිඟන් නිපදවන සමාගමක් ප්ලාස්ටික් භාවිතයෙන් වන පරිසර දූෂණය වැළැක්වීමට, ප්ලාස්ටික් පිඟන් වෙනුවට ආහාරගැනීම සඳහා තිරිඟුවලින් නිපදවූ පිඟන් විශේෂයක් හඳුන්වා දී තිබේ. ආහාර ගෙන අවසානයේ පිඟානද කෑ හැකි ලෙසින් මෙය සකසා තිබීම විශේෂයකි. පිඟානක උණු සූපයක් පැය 5ක කාලයක් පමණ රඳවා ගැනීමට හැකි බව පැවසේ.

දකුණු අප්‍රිකාවේ පැළෑටි, ස්වාභාවික කල්තබාගැනීමේ ද්‍රව්‍ය සහ තිරිඟු යොදාගනිමින් මෙය නිපදවා ඇත. සාමාන්‍ය රස සහිත පිඟන් සහ පැණි රස සහිත පිඟන් ලෙස මෙය වර්ග දෙකකින් මිලදී ගත හැක. උත්සව අවස්ථා, චාරිකා වැනි අවස්ථාවලදී භාවිත කළ හැකි බව ඔවුහු කියති. මෙම පිඟන් දකුණු අප්‍රිකාව, බෙල්ජියම, සිංගප්පූරුව සහ ඩුබායිහි පිහිටි හෝටල්, අවන්හල්, නිෂ්පාදන ආයතන සඳහා අලෙවි කර ඇති බවද පැවසේ.

මෙම පිඟන් පළමුව හස්ත කර්මාන්තයක් ලෙස නිපදවා ඇති අතර, පැයකට පිඟන් 500ක ප්‍රමාණයක් සැකසිය හැකි යන්ත්‍රයකින් මේවනවිට ඒවා නිපදවනු ලබයි. තිරිඟු පිඟන් හේතුවෙන් කම්හල්වලින් ඉවතලන කසළ ප්‍රමාණය අඩුවන බවද, නැවත භාවිතය සඳහා පිඟන් පිරිසිදු කරමින් කාලය ගතකිරීමට අවශ්‍ය නොවන බවද ඔවුහු කියති.

ලබන වසර අවසානය වනවිට හැඳි, කෝපි කෝප්ප ආදියද මෙලෙසින්ම නිපදවීමට ඔවුහු සැලසුම් කරමින් සිටිති.

(සී එන් එන් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...