Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බොහෝ විට පාසල් තුළ හරිත සමාජ පිහිටුවා තිබේ. තාමත් එය එතරම් සක්‍රීය නොවේ. පරිසර නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන පාසල් තුළ යම් මට්ටමකින් හරිත සමාජ නිර්මාණය කර විවිධ වැඩසටහන් ක්‍රියාත්මත කරයි. එය අගනා කටයුත්තකි. පරිසර තුළනයට අප කුඩා කල සිටම දායකත්වය සැපයිය යුතු කාරණයකි. ඔබ දන්නවාද අමතරව පේරාදේණය උද්භිද උද්‍යානය ආශ්‍රිතව ස්වේඡා තරුණ කණ්ඩායම් විසින් එකතුව යොවුන් ගවේෂණ සංගමය පිහිටුවා තිබෙනවා. ඒ තුළ ද විවිධ පරිසරයට ලැදි පරිසරවේදීන්. පර්යේෂකයින් බිහිවෙලා සිටිනවා. ඒ ලෙසම ජාතික සත්වෝද්‍යානය තුළ ද අගනා පරිසර කණ්ඩායමක් ක්‍රියාත්මක වේ. ඒ තරුණ සත්වවේදීන්ගේ සංගමයයි. ඒ තුළින් ද මේ වන විට විශිෂ්ට පරිසර පර්යේෂකයින් නිර්මාණය වී ඇත.

අනෙකුත් උද්‍යාන ආශ්‍රිව පාසල් සිසුන් හා තරුණ කණ්ඩායම් එකතුව එවැනි සංගම් උද්‍යාන පාලක තුමන්ලා ගේ අධික්ෂණයෙන් ඇරඹිය හැක. අපටත් හරිත සමාජයක් ගම් තුළම ආරම්භ කළ හැක. තමන්ගේ ගමේ ගම් කොටසේ පරිසරය ආරක්ෂා කරගන්න පිරිසිදුව තබා ගන්න අපට දායක වන්න පුළුවනි. ඔබට ඒ තුළින් වැඩ කරමින් ඉගෙන ගන්න අවස්ථාව උදාකරගන්න හැකියාව තිබේනවා. මුදල් අමැති තුමා අයවැයයෙන් ද ප්‍රජා මූලික හරිත සමාජ පිහිටුවීමට අනුබල දී තිබෙන නිසා අපටත් දායක වන්න පුළුවනි. ඒ සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරි මහතාගේ අපදෙස් ගන්න පුළුවනි. රාජ්‍ය නිලධාරින් හමු වන්න බිය විය යුතු නෑ. ඔවුන් ඔබට ආදරෙයන් උදවු කරාවි. අපි ගමේ හරිත සමාජයක් පහිටුවා ගම ලස්සන කරන්න දායක වෙමු. ගම හැදුවොත් අපිට රට හදන එක එච්චර අමාරු නෑ. අපි පුළු පුළුවන් විදියට අපේ ගම නගරය, වීදිය, ගම් කොටස, ලස්සන කරන්න එකතුවෙමු. ඔබේ වැඩ අපටත් ලියා එවන්න.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.