පරිසරවේදීහු පහළ මල්වතු ඔයට විරුද්ධ වෙති
- 2018-09-12 00:30:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ දී සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශයත් එම ව්‍යාපෘතිය පිළිබඳ සිදුකළ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ ප‍්‍රමාණවත් තරම් විකල්ප හඳුනාගෙන නොතිබීමත් හේතුවෙන් එකී ව්‍යාපෘතියට විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවක් පිළියෙළ කර ඇති අතර එය මේ වනවිට මහජන අදහස් විමසීමට ප‍්‍රසිද්ධ කර ඇත.
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය මල්වතු ඔය නිමිනයේ ගංවතුර පාලනය සදහාත් , යෝධවැව සහ අකතිමුරුප්පු යන වැව්වල ජල ධාරිතාව වර්ධනය කර ඒ හරහා ඉහත වැව් මගින් පෝෂණය වන වගා බිම්වල අසව්ැනන් ඉහළ නැංවීමේ අරමුණු පෙරදැරිව පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය යෝජනා කර ඇත.
ව්‍යාපෘතිය නිසා හෙක්ටයාර 4044 ක් පමණ ජලයෙන් යටවන අතර ජලාශ බැම්මට පහලින් පිහිටි ප‍්‍රදේශය කෘෂිකාර්මික ඉඩම් ලෙස හා ජනතාව පදිංචි කිරීම සඳහා යොදා ගැනීමට නියමිත අතර එකී හෙක්ටයාර 4044 න් සියයට 60 සිට සියයට 70 ක් පමණ වියලි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංඟාධාර වනාන්තර හා ලඳු කැලෑ වලින් සමන්විත වන බවත් ශාක හා සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවැසීය.
මෙම වනාන්තර හානියට ලක් වූ වනාන්තර ලෙස සාධාරණීකරණය කළ නොහැකි යැයි කී විතානගේ මහතා ඉහත සඳහන් කළ වනාන්තර ප‍්‍රමාණයට අමතරව තවත් හෙක්ටයාර 810 ක් නව ගොවි බිමි සඳහාත් හෙක්ටයාර 277 ක් නැවත පදිංචි කිරීම් සඳහාත් යොදා ගැනීමට නියමිත බවත් පෙන්වා දුන් ඒ මහතා මේ අනුව ගත් කල මුළු හෙක්ටයාර 3715 ක් ව්‍යාපෘතිය සඳහා බිලි දෙන බව ද පෙන්වා දුන්නේය.
Reply To:
Name - Reply Comment
0 Comments