හක්කිඳ දූපත් සමූහය රක්ෂික කලාපයක් වේ
- 2017-07-25 12:38:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහවැලි ගංගාවේ වැඩිම දූපත් ප්‍රමාණයකින් යුක්ත සංවේදී පරිසරක කලාපයක් වන හක්කිඳ දූපත් සමූහය (Hakkida Islands) සංරක්ෂිත පරිසර කලාපයක් වශයෙන් නම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ. ගැටඹේ සීමා මාලකය අසල සිට දොඩම්වල දක්වා මහවැලි ගංගාව අයත් ප්‍ර දේශය දූපත් 12කින් යුත්තව හක්කිඳ දූපත් සමූහය පිහිටා තිබේ.
මධ්‍යම කඳුකරයේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වන මෙහි දූපත් විස්සකින් සමන්විතය. අනවසර ගොඩකිරීම් නිසා මෙම දූපත් සමූහය මේ වන විට 12ක් දක්වා සිමා වී ඇත. මහවැලි ගංගාවේ ලටුම හා පලලම ස්ථානයද ගංගාවේ වැඩිම දූපත් ප්‍ර මාණයක් කෙටි සීමාවක් සහිත ප්‍ර දේශයක පිහිටා ඇත්තේද මෙම කලාපයේය. සංරක්ෂිත කලාපයක් කර ගැනීමට කටයු කර ඇත්තේ පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතාගේ දැඩි කැපවීම මතය.
ශ්‍රී ලංකා කොළගඩයා, ලේල්ලා, ගංආරා, වැනි කඳුකරයට ආව්ණික මත්‍යයින්ද, කඳු අභිරාවා, ගල්පාඩියා, දංකොළ පෙතියා, තලකොස්සා, වැනි ශ්‍රී ලංකාවට ආවේණික මසුන් රැසක් මෙහි ඇති බව නාරා ආයතනය කළ සමීක්ෂණයකි දී හෙලී වී ඇත. හක්කිඳ දූපත් සමූහයට පමණක් ආවේණික කෙටල, අති උඩයන් වැනි ශෘඛද දක්නට හැක.
(තිලක් ඉන්දික සෙනෙවිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments