- 2017-08-10 03:09:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම විශ්වවිද්‍යාලය සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව එකඟත්ව පළ කර තිබේ. ගිවිසුමේදී කාලගුණික බලපෑම් නිසා ශ්‍රී ලංකාවට සිදුවන මානව ආපදා කළමනාකරණය කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව මෙම සහයෝගය හිමිවේ. ශ්‍රී ලංකාව තුළ ‘අන්තර් මෝසම් උච්චාවචනය’ නමින් නව ව්‍යාපෘතියක් විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර තිබේ. වර්ෂාපතනය, උෂ්ණත්ව වෙනස්වීම්, ආද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායාමේ දිසා හා වේගය ඇතුළු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් පුර්ව අනාවැකි පළ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
නොට්‍රිඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරීන්ද්‍ර ජේ.එස් ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරන අතර නාරා ආයතනය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි. ලබන වසරේ ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2020 වසර වන විට අවසන් කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments