කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සඳහා නව නීති
- 2017-01-26 11:38:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා දැනට අක්‍රමවත් ලෙසින් ක්‍රියාත්මක වන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ක්‍රමවත් අන්දමින් පවත්වාගෙන යෑම සඳහා රජය විසින් නව නීති පද්ධතියක් හඳුන්වා දී ඇත .
මේ අනුව දිවයිනේ දැනට පවත්වාගෙන යන සියලු ම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන් ලියාපදිංචි කළ යුතුය. එක් මධ්‍යස්ථානයක රඳවාගත හැකි සත්වයින් ප්‍රමාණය අටකට සිමා කර ඇති අතර එසේ සිටිනා යම් සත්වයකු මිය ගිය හොත් ඒ බව අදාළ වනජිවී කාර්යාලයට දැනුම් දිය යුතු වන බවද මෙම නව නිතී යටතේ හඳුන්වා දී ඇත. මෙම මධ්‍යස්ථායන් මුලින් ම ලියාපදිංචි කළ යුතු අතර ඉන් පසුව ද වසරින් වසර තම බලපත්‍ර නියමිත මුදල් ගෙවා අලුත්කරවා ගත යුතුව පවතී.
දිනෙන් දින කැස්බෑවන් වඳ වීයාමේ තර්ජනයක් උදාවී ඇති අතර මෙම තත්ත්වය අවමකර ගැනීම සඳහා මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පෙන්නා දෙන හික්කඩුව වනජිවී කාර්යාලයේ භාර කසුන් තරංග මහතා මෙම නව ක්‍රමය යටතේ කැස්බෑවන් ආරක්ෂාකර ගැනීම සඳහා පෞද්ගලික අයගේ සහය ලබා ගැනිම වැදගත් බවද පෙන්වා දෙයි.
මෙම නව නීති පද්ධතිය සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇති බවත් ඒ මහතා ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
කසුන් තරංග මහතා මෙම කරුණු පැවසුවේ ගාල්ල දිසා ලේකම් කාර්යාලයේ දිසා ලේකම් ඇස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විම අමතමිනි.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments