සංචාරකයන්ගේ අතින් අතට ගිය ඩොල්ෆින් පැටවා මරුට
- 2019-04-12 01:15:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආර්ජන්ටිනාවේ බුඑනෝස් අයර්ස්හි සැන්ටා ටෙරෙස්ටා වෙරළ තීරයට ගොඩගැසූ ඩොල්ෆින් පැටවෙකු අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් පසුගියදා වාර්තා විය. ෆ්‍රැන්සිස්කන් ඩොල්ෆින් නම් විශේෂයට අයත් තර්ජනයට ලක්ව ඇති ඩොල්ෆින් සත්ත්වයෙකු වන මෙම පැටවා වෙරළට ගොඩ ගැසීමෙන් අනතුරුව, එහි සිටි සාචාරකයන් එම පැටවා අතින් අතට හුවමාරු කරමින් සිටින අතරතුරදී මෙලෙස මරණයට පත්ව තිබේ.
මෙහිදී සංචාරකයන් තමන් අතට හමුවුණු කුසලානයක් මෙන් මෙම ඩොල්ෆින් පැටවා ඉහළට ඔසවා අවට සිටි පිරිස් වෙත හුවමාරු කරන ආකාරය එහි වීඩියෝ දර්ශන තුළ ඇතුළත් වෙයි. එහෙත් අවසානයේදී මෙම පැටවා මිය ගිය බව ආර්ජන්ටියනු වනජීවී පදනම පවසයි.
එම පැටවා මිය යාමෙන් අනතුරුවත් උගේ සිරුර සමගින් සෙල්ෆි ඡායාරූප ගැනීමටද මෙම පිරිස කටයුතු කළ බව පැවසෙයි. අනෙකුත් ඩොල්ෆින් සතුන්ට මෙන්ම මෙම විශේෂයේ ඩොල්ෆින් සතුන්ටද වැඩි වේලාවක් ජලයෙන් පිටත ජීවත් විය නොහැක. ඒ අනුව මෙම පැටවාද ඉක්මණින්ම විජලනයට ලක්වීම නිසා මෙලෙස මරණයට පත්වන්නට ඇතැයි පැවසෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments