ගම්මානේ අසිරිය
- 2019-01-18 11:09:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසන හිරැගෙන් අලංකාර වන ගම්මානය හිරැ රුසින් බබළයි. එම හිරැ රුසින් ඔප් නැංවෙන ගස්, මල් ගමට අසිරියක් එක් කරයි. ගම කෙළවරේ පිහිටි, ගම්මානය ආරක්ෂා කරන කඳු වැටිය ගම්මානයේ අලංකාරය දෙගුණ කරයි. එහි පිහිටි දිය ඇල්ලෙන් ඔප් නැගෙන ගඟ අපේ සුන්දර ගම්මානය තවත් සුන්දර කරයි. නිල්ල ගැසුණු කෙත් යාය සුළඟ හමන විට දෙවඟනක් මෙන් පෙනෙයි. අපට හොඳ ගතිගුණ කියාදෙන පන්සල සහ පාසල ගම මැද පිහිටා ඇත. ගම කෙළවරේ කඩ මණ්ඩිය අපේ ගමේ නිසංසල බව කඩා දමයි. අප කන්ද ආරක්ෂා කරන්නාක් මෙන් විහිද යන මහා වනාන්තරය අපේ ගම සිසිල් කරයි. මේ සියල්ලෙන් අංග සම්පූර්ණ වූ මෙවැනි ගමක ඉපදීම මහඟු වාසනාවකි.
ඩිලන්ත ටෙෂාන් කරැණාතිලක
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments