Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපට ජීවය දෙන ආහාර දෙන අපේ නෙත පිනවන පරිසරය දූෂණය වන ආකාර ගණන් කළ නොහැකි තරම්ය. එයින් හානි වන්නේ අපට ම ය. ගස්වැල් අපට ජීවත් වීමට සියලු දේ සපයා දෙයි. අපි හුස්ම ගන්නා පිරිසිදු වාතය ලැබෙන්නේ ගස්වැල් නිසාය. අපේ කුසගින්නට ආහාර සපයා දෙන්නේ ද ගස් වැල් ය. සිසිලස ලබා දෙන්නේද ස්වභාව දහමය. අපි ගසක් කපන විට ගස් සියයක් සිටු විය යුතුවේ. පරිසරය දූෂණය වන ආකාරයක් වන ගස් කැපීම වළක්වා ගැනීම අප සැමගේ යුතුකමකි. අපි පොලිතීන්, ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන දෑ පරිසරයට මුදා හැරීමෙන් සිදුවන හානිය පිළිබඳව සොයා බැලීම වටී. ඒවා පරිසරයට මුදා හැරීමෙන් සතුන් ඒවා ආහාරයට ගනී. එවිට දුලබ සතුන් විනාශ වී යයි. එපමණක් නොව ජලයේ ජීවත්වන මත්ස්‍යයින් පවා විනාශ වී යයි. අප එය වළක්වා ගත යුතුය. පරිසරය දූෂණය වන තවත් ආකාරයක් වන්නේ පොලිතීන්, ප්ලාස්ටික් වැනි දෑ ගිනි තැබීමය. එයින් පරිසරයට පමණක් නොව අපටත් ඉතා විශාල හානියක් සිදුවන්නේය. එපමණක් නොව වාහන වලින් පිටවන දුම්, හුණුගල් කර්මාන්තයෙන් පිටවන දුම්, තවත් විවිධ කර්මාන්ත වලින් පිටවන දුම් සොබාදහමට විෂ වේ. විවිධ  රසායනික ද්‍රව්‍ය  වලින්ද ඉතා විශාල හානි සිදුවෙයි. ඒවා අප විසින්ම සිදු කරන දේවල්ය. අප ඒවා වළක්වා ගත යුතුය. අප ස්වභාව දහමට ගරු කළ යුතුය. ආදරය කළ යුතුය. ආරක්ෂා කළ යුතුය. අපට ජීවය ලබාදෙන සොබාදහම අපි පණ මෙන් සුරකින්නට කටයුතු කරමු.

එච්. එම්.සමාධි නෙත්මි

6 වැනි ශ්‍රේණිය

බ/ කැප්පෙටිපොළ මහා විද්‍යාලය

බදුල්ල

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.