පාසලක නායකත්වය
- 2019-03-12 17:08:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හොඳ නායකයකු යනු වගකීම් රාශියක් දරන පුද්ගලයෙකි. නායකයකු සතුව හැදියාව, නිහතමානිකම, ගුණගරැක වීම, ආඩම්බර නොවීම, උඩඟු නොවීම, අන් අයට උදව් කිරීම, ක්‍රියාශීලී වීම වැනි ගුණාංග තිබිය යුතු ය. බොහෝ ස්ථානවලදී නායකත්වය යන ලක්ෂණය අපට දැකගත හැකි ය. පාසලකදී පන්සලකදී නිවසේදී මෙය දැකිය හැකිය. පාසලක නායකත්වය දරනුයේ විදුහල්පතිතුමා විසිනි. ඔහු පාසලේ ශිෂ්‍යයන්ගේ වැරදි අඩුපාඩු කියා දී ඔවුන් යහමගට ගනී. විදුහල්පතිතුමාට අමතරව ගුරැවරැන් ශිෂ්‍ය නායකයෝ පන්ති නායකයෝ පාසලේ නායකත්වය දරති.
ගුරැවරැන් විසින් ශිෂ්‍යයන් නරක මාර්ගවලින් ඈත්කොට යහපත් මාර්ග සඳහා නැණැස පාදා දී ඔවුන්ට නිවැරුදි දේ කියාදෙයි. ශිෂ්‍ය නායකයන් පාසලේ ශිෂ්‍යයන්ගේ අඩුපාඩු සොයා බලා ඒවා නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදෙයි.ඔවුන් අනෙක් ශිෂ්‍යයන්ට ආදර්ශයක් වන අයුරින් කටයුතු කළ යුතු ය.
වෙනීෂා මල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර ධර්මවිජය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments