අධ්‍යාපනය
- 2019-03-01 11:24:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැණ ගුණ දම්
රැව පැහැදුම්
ඇති අය නම්
රෝස කුසුම්
ඒ අප හෙළයේ ගත්කතුවරයකු වූ කුමාරතුංග මුනිදාසයන්ගේ දස්කමක් ය. කවියේ සඳහන් වන පරිදි ජීවිතය හැඩගස්වා ගැනීමට මහඟු අදාර්ශයක් වී ඇත. එමෙන් ම ශිෂ්‍ය ජීවිතයට අධ්‍යාපනය වැදගත් වන අයුරැ කවියේ සඳහන් වී ඇත.
අධ්‍යාපනය යනු ශිෂ්‍ය ජීවිතයේ ශිෂ්‍යයකුට ඇති වටිනාම දායාදයක් ලෙස හැඳින්විය හැකි ය. ළමයකුට තම ජීවිතය අභියෝග, සිරිත් විරිත්, විභාග වැනි දේවලට අමතරව අධ්‍යාපනය හැම දේටම වැදගත් වේ. ‘කියවීම හා ලිවීමට නොහැකි මිනිසා අන්ධයෙක් හා සමාන‘ බව අපේ පැරුන්නන් පවසා ඇත. එනිසා අධ්‍යාපනය ළමයකුට තම ශිෂ්‍ය ජීවිතය ආලෝකවත් කර ගැනීම සඳහා මහත් රැකුලක් වන බව ඉහත උදාහරණ මගින් සනාථ කර ඇත.
අධ්‍යාපනයට යොමු නොවීමෙන් තමාට ඇති දක්ෂතා සැඟවී යන අතර අධ්‍යාපනය තුළින් ලැබෙන විෂය දැනුම ද නොලැබී යනු ඇත. එම නිසා අප හෙළයේ බිහිවුණු උගතුන්ගෙන් ආදර්ශය ගෙන නුවණින් කටයුතු කළ යුතු වේ.
සත්මි රැසාරා
7 ශ්‍රේණිය,
ශාන්ත මේරි මහා විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments