අවරගිරෙන් බැස යන හිරු
- 2019-10-10 22:50:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරැලු ලොව ම අමුතු සතුටකින් කැලඹී ඇතිවාක් මෙනි. එක් තැනක දෙමළිච්චන්ගේ සංගීත කණ්ඩායමේ සුදානම පෙනේ. තවත් තැනෙක වී කුරැල්ලෝ කරණම් ගසමින් නර්තනයකට සූදානම් වෙති. ගස්වැල් ද සිතට අමුතු ප්‍රබෝධයක් ඇති කරන රත් පැහැයෙන් යුතු එක ම ඇඳුමින් සැරසී නොඉවසිල්ලෙන් බලා සිටී. වලාකුළු ද සුපුරැදු සුදු පැහැති සළු ඉවත් කර රත් පැහැ සළු හැඳ ගිරි ශිඛර පිසගෙන පාවෙයි. කුමට ද මේ සැරසෙන්නේ? ඒ හිරැ කුමරා අද දිනට සමුගන්නා මොහොතත් සඳ කුමරිය තරැ පැටවුන් තුරැලු කරන් පැමිණෙන මොහොතක් සැමරීම උදෙසා ය.
පූර්ණා ඉඳුවරී
8 ශ්‍රේණිය,
කැකිරාව මධ්‍ය විද්‍යාලය,
කැකිරාව.
Reply To:
Name - Reply Comment
0 Comments