Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාගේ දැඩි කන් කෙඳිරිය නිසා අවුරැද්දට සතියකට පමණ පෙර තාත්තා අපි ද ගමට ගියෙමු. ගමට ප්‍රවේශ වන විට පාර දෙපැත්තේ තිබූ එරබදු ගස්වල රතු සේද සළුවක් එලුවාක් මෙන් මල් පිපී තිබුණි. ගමේ සියලුම දෙනා අවුරැද්දට සූදානම් වුහ. අප අත්තම්මාගේ නිවසට යන විට අක්කා ගෙදර වහලයේ මකුළුදැල් කඩමින් සිටියේය. අප දුටු සැණින් ඇය මකුළුදැල් කඩනය ඉවත දමා දිව ආවේ,“කිරි උක්කුං ආවා?* යන ප්‍රකාශය දෙතොලින් පිට කරමිනි. 
අත්තම්මා ද චීත්තයේ කොනකින් අත පිසදමමින් සිනහ කටින් යුතුව අප පිළිගත්තාය. මා ඇදහුන් වස්ත්‍රයෙන් ම ගමේ සිරි නැරඹීමට යාමට අත්තම්මා සමග එකතු වූයේ අත්තම්මා කඩයට යාමට පිටත් වූ බැවිනි. පසුදින අත්තම්මා කැවුම් සෑදීමට සියල්ල සූදානම් කර මා නාගෙන පැමිණෙන තෙක් බලාගෙන සිටියාය. මම විගස නාගෙන පැමිණියෙමි. “හැන්ද නටයි. කූර නටයි*  අත්තම්මා කැවුම් සාදන අයුරැ මම බලා සිටියෙමි. කැවුම් සාදා නිමවූ පසු මා ගමේ ළමයින් සමග වෙල් ඉපනැල්ලට ගියේ සෙල්ලම් කරන අදහසිනි. එහෙත් උක්කුවා නම් වූ මගේ මිතුරා විසින් අසල තිබූ මී අඹ ගසකට නැග පැණි බේරෙන අඹ කඩන්න විය. එහිදී දිමි ගොටුවක් ඇවිස්සී උක්කුවාගේ අත් දෙකේම රතු පලු දැම්මේය. අවුරැදු උදාවිය. රතිඤ්ඤා හඬ රුව් පිළිරුව් දෙන්නට විය. කැවිලි සුවඳ දසත පැතිරැණි. අවුරැදු චාරිත්‍ර සියල්ල නොකඩ කොට ඉටුකළ අප කැවිලි පිඟන් රුගෙන ගම පුරා ගෙවල්වලට ගියෙමු. සැමදෙනාම අලුත් ඇඳුමින් සැරසී සිටියහ. පසුදා උදාවිය. හිසතෙල් ගෑමේ චාරිත්‍රයට අපි සැවොම එක් වුණෙමු. අවුරැද්ද නිමාවිය.
එදින රාත්‍රියේ පියා පැවසුවේ හෙට උදෑසනින්ම අප නැවත නිවස බලා පිටත් විය යුතු බවයි. මගේ ඇස්වලින් නොදැනිම කඳුළු ගලන්නට විය. ළඟදීම අපි ආයෙත් එමු යි තාත්තා පැවසුවේය. අපි අත්තම්මාටත්, අක්කාටත් වැඳ පිටත් වුණෙමු.

සඳලී රශ්මිකා ඒකනායක
10 වැනි ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය.
කුරැණෑගල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.