Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සිංහල අලුත් අවුරැද්ද ලබන විට පුංචි අපේ සිත්වලට දැනෙන්නේ ඉමහත් සතුටකි. පරිසරයම නැවුම් බවකින් පිරෙන විට ගේදොර අලුත් වනවිට කාගේත් සිත් තුළ ඇතිවන්නේ අලුත්ම සිතුම් පැතුම්ය. බොහෝ දෙනා නගරයට ගොස් අවුරැද්දට අවශ්‍ය ඇඳුම් හා ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගෙන එති. අම්මාත්, මමත්, මල්ලිලා දෙදෙනාත් සමග වෙළඳපොළට ගොස් බඩු රුගෙන එන්නෙමු. 
අපි තිදෙනාටත් ආච්චිටත් අලුත් ඇඳුමක් ගන්නා අම්මා ඇයට ඇඳුමක් නොගනියි. තාත්තා නිවසේ නොසිටියද අම්මා ඔහුට ඇඳුම් මිලදී ගනියි. වසර ගණනාවක්ම අප සමග අවුරැද්ද සමරන්නට තාත්තා ගෙදර නොසිටියේ ඔහුගේ හමුදා සේවයේ රුකියාව නිසාය. එහෙත් මෙවර තාත්තා අවුරැද්දට ගෙදර එන බව දන්වා තිබිණි. ඒ බැවින් ගම්මානේ කාටත් පෙර අපේ ගෙදරට අවුරැදු උදාවී තිබේ.
අම්මා වෙනදා නැති උනන්දුවකින් අවුරැද්දට සූදානම් වන්නීය. මෙවර අවුරැදු තෑගි ගෙනෙන්නට තාත්තා සමගම නගරයට යන්නට මමත්, මල්ලිලා දෙදෙනාත් ආසාවෙන් බලා සිටින්නෙමු. සතුටින් අවුරැද්ද සමරන්නට අප පෙරමග බලා සිටින්නේ නිවාඩු ලබා තාත්තා ගෙදර පැමිණෙන තුරැය.

ඩබ්. ජී. සෞම්‍යා පූජනී
7 වැනි ශ්‍රේණිය,
රිපන් බාලිකා විද්‍යාලය,ගාල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.