Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අවුරුදු තෑග්ග

  • 2020-04-15 10:59:52
  • 0 Comments

සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී අප සැමට සතුටුදායක දිනයකි. එහිදී අපි ජාතීන් අතර සහජීවනයත්, මනුෂ්‍යත්වයේ යහපත් ගුණාංගත් වර්ධනය කර ගැනීමට අලුත් අවුරුදු දිනය සමරන්නෙමු. අතීතයේපටන් පැවත එන එම අවුරුදු සිරිත් විරිත් අද අපි අතර නිසි පරිදි ඉටුවන්නේ නැත. ගෙවත්ත හා විනස පිරිසිදු කර අවුරුද්දට සූදානම් වන විට අපට බොහෝ වැඩ කටයුතු කරන්නට ඉතිරි ය. කැවිලි පෙවිලි, ආහාර හා ඇඳුම් පැලඳුම් එකිනෙකා හා බෙදා හදා ගෙන අපට අවුරුද්දේ සැබෑ අසිරිය අවබෝධ කර ගත හැකි ය.

රටවාසී සැමදෙන අවුරුදු සැමරීමට සූදානමින් සිටියහ. සිඟිති නම් පුංචි දැරිය ඇගේ මවත් පියාත් සමග නගරාසන්න ප්‍ර දේශයකට පදිංචියට ආවා ය. අවුරුදු අටක් වූ සිඟිති පෙර සිටි පාසලින් ඉවත්ව මෙහි ප දිංචියට ආවේ ඇගේ පියා ඇයව නාගරික පාසලකට ඇතුළත් කිරීමට කටයුතු කළ නිසා ය. අගහිඟකමින් පිරුණු සිඟිති ඉගෙනීමට දක්ෂ දැරියකි. ඇගේ පියා කරණවෑමියකු වන අතර මව ගෘහනියකි. ඔවුන් ග්‍රාමසේවක මහතාගේ කුලී නිවසක වාසයට පැමිණියහ. පියා ද නව ව්‍යාපාරික ස්ථානයක් සොයා ගත්තේ ය.

නව පාසලට සිඟිතිට ඇතුළත් වීමට සිදුවන්නේ අවුරුදු නිවාඩුවෙන් පසු ය. අවුරුද්දට තව දින දෙකක් තිබුණ ද ඇගේ නිවසේ ඊට සූදානමක් නැත. ඇගේ තනිකමට ඇගේ මව ඇය අසල සිටියා ය. උදෑසන ආහාරය ගත් සිඟිති අහවල් ආහාරය ගත්තේ නැත. පියා වැඩ ඇරී නිවසට එනතෙක් සිඟිතිත් මවත් මග බලා සිටියහ.

රාත්‍රියේ පියා පැමිණියේ මඳ සිනාවක් මුහුණේ රඳවාගනිමිනි. ඔහුට එදින රුපියල් පන්සියයක් වැටුප ලෙස ලැබී තිබිණි. එය ඔවුන්ට විශාල මුදලකි. මවට ද රාත්‍රි ආහාරය පිළියෙළ කිරීමට හැකි විණි. පසුදා සිඟිති ඇගේ මවත් සමග කඩවීදියට ගියා ය. ඔවුන් සතු සුලු මුදලින් හාල් පොල් මිලට ගත්හ. ඇඳුම් හෝ රසකැවිලි හෝ මිලට ගැනීමට නොහැකි විය. අවුරුදු දිනයේ සිඟිති සිඟිති උදෑසන ම අවිදි වූවා ය. ඇගේ මව කිරිබත් පමණක් පිළියෙළ කළා ය. ඔවහු වෙනදා මෙන් ඉරී ගිය ඇඳුම් අඟෙහි ලා ආහාර අනුභව කළහ. අහල ගෙවල්වලින් සිඟිතිට කිසිවක් නොලැබුණි. ඇය මිදුලට යෑමට ද අකැමති විය.

සවස් කාලයේ සිඟිති තම මවත් පියාත් සමග නිවසි තුළට වී කතා කරමින් සිටියා ය. එක්වරම මිදුලෙන් පිරිසක් කෑ ගසන හඬක් ඇසුණි. සිඟිති ත් මවත් පියාත් ඒ වෙත දිව ගියහ. සිඟිතිගේ නිවසේ මිදුලේ ඔවුන්ගේ රෙදි සෝදා වේළෙන්නට දමා තිබුණි. අවුරුද්දට පත්තු කළ අහස්කූරක් ඒ මත වැටී රෙදි පිලිස්සී තිබුණි. වරද වූයේ ග්‍රාමසේවක මහතාගේ පුතා අතේ ය. සිඟිති සතු ඉරී ගිය ගවුම් දෙක පිලිස්සී තිබුණි. සියල්ලෝ ම සිඟිතිගේ පවුල ගැන අනුකම්පා කළහ.

ස්වලප වේලාවකින් එහි ආ ග්‍රාමසේවක මහතාට සියල්ල වැටහුණි. සිඟිතිත් ඇගේ මවත් හැඬූ කඳුලින් ය. ග්‍රාමසේවක මහතා නිවස වෙත ගොස් අවුරුදු කෑම පිඟානක් හා පාර්සල් කිහිපයක් ගෙනැවිත් සිඟිතිටත් ඇගේ පියාටත් දුන්නේ ය. සිඟිති ද ඒවා සතුටින් භාර ගත්තා ය. ඇය හනිකට පාර්සල් විවෘත කර බැලුවා ය. හානේ... අලුත් ඇඳුම්. ස්තුතියි මහත්තයා.


 

සුරේෂ් වින්ද්‍යා රසාංජලී,

12 ශ්‍රේණිය,

කො/ගෝතමී බාලිකා විද්‍යාලය,

කොළඹ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.