Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අසිරිමත් පරිසරය

  • 2019-05-31 13:19:46
  • 0 Comments

සරැසාර පොළොවේ පැසී දිලෙන රන් ගොයමින් ද, අහස සිඹින මහ කඳුවැටි ද, කඳු අතරින් ගලා හැලෙන දියඇළිවලින් ද සමන්විත පරිසරය විවිධ අයුරින් වර්ණනා කළ හැකිය. හරිත පැහැ ඝන වනාන්තරයක් වන සිංහරාජ ආදි වනාන්තර , පොළොවෙන් මතුවන වටිනා මිණිකැට, සතා සිවුපාවන්, තුරැලතා අප අවට පරිසරයට අයත් වන අංග කීපයකි. පරිසරය සරසන තුරැලතා, මුතුමැණික් හටගන්නේ මෙම පරිසරයේය. එමෙන්ම පිරිසුදු වාතය, සිසිලස ලබා දෙන්නේ ද පරිසරය විසිනි. පරිසරය අපගේ ජීවය හා සමානය. අප කුඩාකල සිට මියයන තෙක් ජීවත්වන්නේ පරිසරය තුළය. පරිසරය සුරුකීම අප විසින් පරිසරයට සිදුකරන උසස්ම අගය කිරීමයි. ගස්වැල් වගා කරමින් හා ඒවා සුරකිමින් අපට පරිසරය රුකගත හැකිය.
සුරක්ෂිත අනාගතයක් උදෙසා පරිසරය රුකගැනීම අත්‍යවශ්‍ය කරැණකි. රටක පැවැත්ම රඳා පවතින්නේ එම පරිසරය මතය. පරිසරය සතා සිවුපාවුන් හා ගස්වැල් මිනිසා විසින් විනාශ කරයි නම් ඔවුන්ගේ විනාශය ද ඉතා ඉක්මනින් ළඟා වෙයි. මන්ද යත් සතා සිවුපාවුන් හා ගස්වැල් විනාශ කිරීමෙන් පරිසර තුලිතතාව බිඳ වැටෙයි. ජල උල්පල් සිඳීයයි. පරිසර සම්පත් අධි පරිභෝජනය කිරීම මගින් එම පරිසර සම්පත් ඉක්මනින් විනාශ වෙයි.
එහෙත් වර්තමානයේ මිනිස්සු තම දියුණුව ගැන පමණක් සිතා කටයුතු කරති. වර්තමානයේ සිදුකරන ජාවාරම් හේතුවෙන් ශාක මෙන්ම සතුන් ද තර්ජනවලට ලක්වී පවතියි. මේ සඳහා අප අදාළ අංශ දැනුම්වත් කොට පරිසරය රුක ගැනීමට පියවර ගත යුතුය. අපි වනාන්තර විනාශය පිටු දකිමු. ස්වාභාවික පරිසරය ආරක්ෂා කර ගනිමු. සතා සිවුපාවුන්, සොඳුරැ දියඇළි සුරකිමින් පරිසර අලංකරණය උදෙසා අපි දායක වෙමු. ස්වාභාවික හරිත පරිසරයක් ගොඩනගමු.

ඩී.බී. කෞශල්‍යා විදුමිණී
9 වැනි ශ්‍රේණිය,
බප/ජය විද්‍යාකර බාලිකා විදුහල,
මහරගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.