Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ආදරණීය ජීවිතය

  • 2018-11-11 11:51:53
  • 0 Comments

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. අපව ජීවත් කරවන්න ජීවිතය තමයි ප්‍රාර්ථනා පොදි බැඳලා දෙන්නේ.  විභාගය ළංවෙද්දි, පොතපතට හිත නැඹුරැ වෙද්දි අලුත් ප්‍රාර්ථනා හිතට එනවා. උත්සාහය...උනන්දුව... අධිෂ්ඨානය... මම කොහොමහරි පාඩම් කරලා විභාගය ජයගන්නවා. ඒ ප්‍රාර්ථනා එක්ක විභාගය ජයගන්නඑක තමයි එකම ප්‍රාර්ථනය. එයට ඕනෑ ආත්ම ශක්තිය අප විසින්ම ඇති කරගන්න ඕනෑ දෙයක්. ඒ ශක්තිය ,ඒ ධෛර්යය අපට ජයග්‍රහණයේ මාවත සකසා දෙනවා. 
හැබැයි ජීවිතයමල් පාවාඩ ඇතිරෑ මාවතක් නම් නොවෙයි. ජීවිතයෙ ජයග්‍රහණය රුඳිලා තියෙන්නේ අප ජීවිතය ජීවත් කරවන මුහුණ දෙන  අසීරෑකම්. දුක් කරදර, තාඩන පීඩන, හැලහැල්පීම් සමගම ජීවිතය ජීවත් කරවනවිට තමයි අපේ ජීවිත රසවත් වෙන්නේ. 
අතීතය දෙස ටිකක් හැරී බලද්දී අප මෙතැනට එන්න කොපමණ දුක් වින්දද? මාපියන්ගෙ ආශිර්වාදය  විභාග ජයගන්නට අපට ධෛර්යයක් ලබා දෙනවා. 
අලුත් දවසක් උදාවෙන්න අරඅඳින කොට යාන්තමට එළිය වැටෙද්දී පිනි බින්දු තැවරැණ මල්පොහොට්ටු සුවඳ දී පිපෙනවා බලන්න.  ඉතිං දයාබර සොයුරැ සොයුරියනි, අපිත් සමග සිනාවෙන් ගුරැහරැකම් දෙන හැමෝම අපටට හිතවත්  දයාබරයි කියලා නම් මොහොතකටවත් සිතන්න එපා. අද දවසේ ජීවිතය පවත්වාගෙන යාම තමයි ඉතාමඅසීරැ අමාරැම දේ .
අප ලබා ඇති මේ ජීවිතයේ  අප උනන්දුවෙන්  උත්සාහයෙන්    අධිෂ්ඨානයෙන් උසස් ඉගෙනුමට එක්වී ජයග්‍රහණයක් දකින්නට වැර දරමු. එවිට අප හැමෝටම ජය ලැබේවි.

බාසුරැ සස්මිත විජේසේකර
10 ශ්‍රේණිය,
බ/ප/ චන්ද්‍ර ජෝති මහා විද්‍යාලය, යක්කල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.