ඉබ්බාගේ චාරිකාව
- 2019-07-12 10:05:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔන්න එකමත් එක රටක ඉබ්බෙක් හිටියා. ඌ දවසක් චාරිකාවක් යන්න පිටත්වුණා. එහෙම යනකොට ඌට අතරමග දී කිඹුලෙක් හමුවුණා. &ඔයා කවුද ?* ඉබ්බා ඇහුවා. &මම කිඹුලෙක්. මේ ළඟ තියෙන ගඟේ තමයි මම ඉන්නේ* කිඹුලා කිව්වා. &ඔයා කොහෙද යන්නේ ?* කිඹුලා ඉබ්බාගෙන් ඇහුවා. &මම මේ චාරිකාවක් යනවා* ඉබිහාමි උත්තර දුන්නා. &මමත් එන්නද ඔයත් එක්ක චාරිකාවක් යන්න ?* කිඹුල් හාමි ඇහුවා. ඉබිහාමි ටික වේලාවක් කල්පනා කලා. &හා. එහෙනම් ඔයත් එන්න මාත් එක්ක* ඉබිහාමි කිව්වා. ඊට පස්සෙ දෙන්නම චාරිකාව යන්න පිටත් වුණා. මෙහෙම යන දෙන්නට අතරමග දී ගෙම්ඹෙකු හමුවුණා. &ඔයාලා කොහෙද මේ යන්නේ ?* ගෙඹි හාමි ඇහුවා. &අපි දෙන්නා චාරිකාවක් යනවා. ඔයත් එනවද අපිත් එක්ක යන්න ?* ඉබිහාමි ඇහුවා. &හා. මමත් එන්නම්* ගෙඹි හාමිත් මේ ගමනට එකතු වුණා. තුන් දෙනාම සතුටින් ගමන් කරමින් හිටියා. අතරමග දී ගඟක් හමුවුණා. &දැන් මොකද කරන්නේ ?* ගෙඹි හාමි ප්‍රශ්න කළා. &අපි තුන් දෙනාටම පීනන්න පුළුවන් නිසා ගඟට පැනලා එගොඩට පීනමු.* කිඹුල් හාමි උත්තර දුන්නා. තුන් දෙනාම ගඟට පැනලා පීනන්න පටන් ගත්තා. ගඟ මැදදී හරි අපූරැ දෙයක් සිද්ධ වුණා. රත්තරන් පාට මාළුවෙක් ගඟ මැද දී හමුවුණා. ඌ හරිම ලස්සනයි. මුළු ඇඟම රත්තරන් පාටයි. හරියට රත්තරනින් හදපු මාළුවෙක් වගෙයි. &මම මේ ගඟ පතුලේ ඉන්න කෙනෙක්. ඔයාලව දැකලයි මම ආවේ* මාළුවා කිව්වා. &එන්න මාත් එක්ක. මගේ මාලිගාවට යන්න. ඒක තියෙන්නේ ගඟ පතුලේ* මාළුවා ඔවුන්ට කිව්වා. ඔවුන් මාළුවාගේ මාලිගය බලන්න ගියා. ඒක හරිම ලස්සනයි. හරියට රජ මාලිගාවක් වගෙයි. බිත්ති රත්තරන් පාටයි. හැමතැනම දිලිසෙනවා. හරියට මාළුවා වගේ ලස්සනයි. ඔවුන් මේ මාලිගයේ ඇතුළේ ඇවිදලා ගොඩක් විනෝද වුණා. &ඔයා නිසා මේ චාරිකාවට අපි එකතු වුණා. ඒ හින්දා අපට මේ මාළුවගේ ලස්සන මාලිගාව බලන්න පුළුවන් වුණා.ඔයාට ගොඩක් ස්තූතියි.* ගෙඹි හාමි සහ කිඹුල් හාමි ඉබ්බාට ස්තූතිය පුදකළා. ඒ විතරක් නෙවෙයි. රත්තරන් මාළුවාටත් හැමෝම ස්තූති කළා.
ටී.එම්.ජනදි සිහන්සා තෙන්නකෝන්
5 වැනි ශ්‍රේණිය, බප/මිනු රෙජි රණතුංග විදුහල, මිනුවන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments