Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉර බැස යද්දී

  • 2019-01-08 17:10:49
  • 0 Comments

දහවල දැඩි රස්නය කෙමෙන් කෙමෙන් අඩු වී යන්නේ හිරැගේ තෙදබල අඩු වූ බවක් කියාපාමිනි. බිම වැතිරගත් දැවැන්ත උරගයන් සේ පොල්ගස්වල සෙවණැලි බිම පතිත වී ඇත.මලානික ස්වභාවයක් උසුලන සැඳෑ සුළඟ මා පසුකර මා ගත දැවටී හමා යද්දී මම සෙමෙන් මුහුදු වෙරළ දෙසට පා තැබුවෙමි.
මුහුදු රළ සුපුරැදු ඝෝෂාවෙන් යුක්තය. බටහිර අහස රත්පැහැ ගැන් වි ඇති ආකාරය දර්ශනීයයි. පඬුපැහැ ගැන්වුණු මළහිරෑ රුස් යට කුඩා දරැ දැරියෝ වෙරළේ මාලිගා සදති. සුදු පෙණ පිඬු සහිත රළ එකා පරයා එකා නැගෙමින් පැමිණ දරැවන් තැනූ වැලි මාලිගා කඩා දමයි. 
ධීවරයෝ දියඹට  යාම අරඹන්නේ සැඳෑ අඳුර ලොව ගලන මොහොතේදීය. ඔවුහු දැල් ආම්පන්න රුගෙන පැමිණ තම බෝට්ටු දියත් කිරීමට සැරසෙති. නිවැසියෝ ද ඔවුනට සහාය වෙති. යාත්‍රා කරනු ලැබූ බෝට්ටු තිතක් වී නොපෙනී යනතුරැත් බොහෝ අය බලා සිටිති. එම මුහුණු ද සැඳෑ අඳුරින් පිරවූ මලානික බවින් යුක්ත ය.
මුහුදු ලිහිණියෝ කෑකෝ ගසමින් ලැගුම්පොළ සොයති. වෙනත් කුරැල්ලෝ කැදලි කරා යති. සෑමකෙනෙකුගේම ගමන වේගවත් ය. එහෙත් සැඳෑ සවාරියක ගමන් ඇරඹුවෝ ඉතා සෙමෙන් සෙමන් ගමන නිමා කරති.
මුහුදේ ස්වභාවයේ වෙනසක් නැත. සුපුරැදු ලෙස රළ නැගෙයි. රළ බිඳෙයි. ගිගුම් නගමින් පවතියි. මම සෙමෙන් ගලමතින් නැගී සිටියෙමි.ළා අඳුර අතරින් සෙමෙන් සෙමෙන් නිවස දෙසට පැමිණියෙමි. අද මෙහෙවර අවසන් කළ හිරැ යළිත් හෙට අලුත් දවසක එළිය රුගෙන පැමිණෙනු ඇත.

 

සඳුනි තාරකා
7 ශ්‍රේණිය,
ගා/වටරුක ශ්‍රී සෝභිත කනිෂ්ඨ විද්‍යාලය,
ගාල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.