Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    උත්සාහය දියුණුවට ඇති ඉනිමග යි. ලෝකයේ දියුණු  වූ සැම මිනිසකුගේම සැම ජාතියකගේ ම පසුබිම වූයේ උත්සාහය යි. 
    මිනිසා උපන් දා සිට ම වැටි වැටී නැගී සිටින්නට උත්සාහ දරයි. කතා කරන්නට යම් කාර්යයක් හරියාකාරව කිරීමට උත්සාහ දරයි. බුද්ධත්වය යනු දීර්ඝ කාලයක් තිස්සේ දැරෑ අප්‍රතිහත උත්සාහයට උසස් ම ප්‍රතිඵලය යි. ඇන්ටන් චෙකොෆ් යන අසහාය ලේඛකයා කෙටිකතා ලිවීමේදී නැවත නැවත ලියමින් සාර්ථක කෙටිකතාවක් රචනාකළේ ය.පැරණි යුගයේ දී දාගැබ්, මහ වැව්, ඇළමාර්ග  ඉදි කෙරැණේ රජවරැන්ගේත් වැසියන්ගේත් නොමඳ උත්සාහයක් ද. හිරෝෂිමා නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ හෙළිමෙන් පසු දරැණු පීඩනයකට පත් වූ ජපානය අද ආර්ථික වශයෙන් ලෝකයේ ඉහළම තත්ත්වයකට පත්ව ඇත්තේ උත්සාහවන්තයා ජයගනී යන ඉතා ම ජනප්‍රිය කියමන සනාථ කරමිනි.
    ළමා කාලයේ උනන්දුවෙන් උත්සාහයෙන් ඉගෙනීමේ කටයුතු කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි අනාගතය සියලු ආකාරයෙන් සාර්ථක වනු නොඅනුමාන ය. ඒනිසා උත්සාහය අපේ ජීවිතයට එක් කර ගත යුතු ය. දියුණුව සලසා දෙන ලෙස දෙවියන් යැදීමෙන් පූජා පැවැත්වීමන් පලක් නොවේ. උත්සාහය මන්ත්‍රයක් කරගත යුතු ය. 

චාරැනි උදයංගනී
9 ශ්‍රේණිය,
බ/බෝගොඩ මහා විද්‍යාලය, බදුල්ල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.