උදව්ව
- 2019-07-26 10:08:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක අම්මා කෙනෙක් දර සොයන්න කැලයට ගියා. දර සොයාගෙන එයා ආවේ ඒදණ්ඩකින්. පහළ ගැඹුරට ඇළත් පේනවා. අම්මා බයෙන් බලා හිටියා.
ඒක දැක්කා ළඟින් ගිය පිරිමි ළමයෙක්. එයාට දුක හිතුණා. ඒදණ් උඩින් ගිහිල්ලා දරමිටිය ඉල්ලා ගත්තා. ඒ අම්මාගේ පැල්පත ළඟට ම දරමිටිය ගෙනැත් දුන්නා. අම්මාගේ ඇස්දෙකේ කඳුළු පිරිලා. ඒ ළමයාගේ ඔළුව අතගාලා මෙහෙම කිවුවා.‘ පුතේ නුඹ ළඟ තමයි දෙවියන් ඉන්නේ. නුඹට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ. නුඹ හැමදෙනාට ම ආදර්ශයක්. නුඹට තෙරැවන් සරණයි කියලා කිවුවා. ඒ පිරිමි ළමයා සතුටින් ගෙදර ගියා.
යෙහෙනි මෙත්දිනි පියරත්න
2 ශ්‍රේණිය,
කහන්තොට කනිෂ්ඨ විද්‍යාලය, මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments