උදෑසන අසිරිය
- 2019-07-26 09:29:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු ගැටයෙන් නැගගෙන හිරැ කුමරා මුළු පරිසරය ම ළා හිරැ රුසින් ආලෝකවත් කරයි. විකසිත වූ මල්වල මල් සුවඳින් දසත ම සුවඳවත් කරයි. තණකොළ මත වැටී ඇති මුතු කැට මෙන් දිදුලන පිනි බිඳු අපේ සිත් ඇද බැඳ ගනියි. උදෑසන අවදි වූ විහඟුන් ආහාර සොයා පියාසර කරන්නේ විවිධ රටාවලටයි. ඒවා ඉතා ම අලංකාර ය. කුරැල්ලන්ගේ මිහිරි ගීත නාද නිසා මුළු උදෑසන ම ගීතවත් වෙයි.
උදෑසන අවදි වූ ගොවියෝ කඩිසර කූඹි පේළියක් මෙන් කැති, උදලු රුගෙන පේළියට කුඹුර කරා ඇදෙති. පාසල් යන දරැ දැරියෝ කොක් රූනක් සේ පාසල වෙත යති. නිහඬව තිබූ මහා මාර්ගය රථ වාහනවල අධික ඝෝෂාකාරි ශබ්දයෙන් පිරී ඉතිරී යයි. උදෑසන සියල්ලෝ ම කුහුඹුවන් මෙන් කඩිසරව ක්‍රියා කරති.
සයුරි දෙව්මිණි
6 ශ්‍රේණිය,
ගා/රිපන් බාලිකා වි ද්‍යාලය,
ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments